Tae Pov 🐯
කාලෙත් එක්ක අපිට අපි දෙන්නා එක්ක ලගින් ඉන්න තියෙන වෙලාව එක මොහොතකින් නැති වෙලා ගියා. මට නම් එක සැඩ සුළගක් වගේ... හ්ම් සැඩ සුළන් පහරට එක මොහොතකින් ගොඩක් දෙවල් විනාස කරන්න පුළුවන් ...ඒ දවසත් අන්න ඒ වගේ මගේ ජිවිතේට හමාපු සැඩ සුළගක් ...
ඔම්මයි අප්පයි දෙන්නව දෙපැත්තෙන් වාඩි කරගෙන මං හිටියේ මගේ නම කියනකන් ...ඔව් අද අපේ උපාධි ප්‍රධානොත්සවය....
🎤" Third place goes to park min ho"
පුදුම වෙන්න දෙයක් නැ ... මින්හෝ කියන්නේ පොත් ගුල්ලෙක් වෙච්චිකොට...මං මේ බලන් ඉන්නේ කුගෙයි මගෙයි නම් කියනකන් තව දෙන්නයි ඉන්නේ ...හාර්ට් එක නිකන් ඩ්‍රම්ස් ගහනවා වගේ ගැහැන්නෙ...
🎤"Second place goes to jeon jk"
ජන්ග්කුකී ...එයා සෙකන්ඩ් ප්ලේස්...එයා හිනාවෙනවා ඇස් සුටි වෙලා ගිහිල්ලා. කෙල්ලෙක්ටවත් නැ මෙච්චර කියුට් ලුක් එකක්. එයා ඇවිල්ලා ඒක එයාගේ අප්පට දුන්නා...අද එයාගේ අප්පා හිටියට ඔම්මා නැ ...පව් මගේ හා පැටියා. ඊට පස්සේ කෙලින්ම බැලුවේ මා දිහා හරි ලස්සනට හිනාවෙලා...එතකොටම වගේ දුන්න එනව්ස්මන්ට් එකට මගේ ඇස් උඩ ගියා.
🎤" first place goes to jeon kim taehyung..... "
එයා තාමත් හරි ලස්සනට හිනාවෙලා බලන් ඉන්නවා...මට ඇස් වලින් ඉගි කරෙ ඉස්සරාට යන්න කියලා...ඒත් අද ඉදන් එයත් එකට ඉන්න ලැබෙන්නේ නැ කියලා මතක් වෙද්දී පපුව මැද්දෙන් කිනිස්සක් බැස්සා වගේ උනා. බැච් ටොප් උනත් මට කිසිම සතුටක් නැ.
ජන්ග්කුකීගේ අප්පට මීටින් එකක් තියෙනවා කියලා එහෙමම ගියා. ඉතින් කුකිත් අප්පා එක්කම ගියා. කොහොමද උබ එහෙම යන්නෙ...උබෙ පන මං නෙවෙයිද ජන්ග්කුකී....එක අතකින් එයා සාධාරණයි . කාලයක් තිස්සේ හොයපු අප්පගේ උනුහුම දැනුනාම ඔන දරුවෙක් ඒ ආදරේ ලග දැවටෙන්නෙ හරි ආසාවෙන්... මේ ගෙවෙන එක පුංචි තප්පරෙත් එයාට හරි වටිනවා...ඒත් මම ?
අපේ ඔම්මයි අප්පයි ගියා. ජිනූ නම් සර්ලා මැඩම්ලා එක්ක මොනාද කතා කර කර ඉන්නවා. ජන්ග්කුකී ගියාම මං ආවේ ලිකර් පැත්තට...ඇත්තටම දැන් මට හොදටම බොන්න ඔනෙ සිහිය නැති වෙන්නම බොන්න හිතෙනවා.
කරුමෙට මං බිව්වත් සිහියෙන් ඉන්න පුළුවන්.
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fiksi Penggemarමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්‍රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...