07

1.3K 207 95
                                    

ලොකු සර්ගේ ගෙදර තව පැය භාගයක් විතර හිටපු ධමීර & ස්වේන් දෙන්නා එයාලට සමු දීලා ස්කෝලේ පැත්තට එන්න ආවා , ස්කෝලේ තිබුණේ ලොකු සර්ගේ ගෙදර ඉදන් ගොඩක් පොඩි දුරකින් නිසා විනාඩි දහයක් වගේ ඇතුලත එයාලට එහෙට එන්නත් පුළුවන් වුණා . ස්කෝලේ දැක්කාම ස්වේන්ට පොඩි හුරුපුරුදු ගතියක් දැනුණත් එයා ඒ කිසිම දෙයක් ගැන නොහිතා ඉන්න තීරණය කලා , මොකද ඒ වෙද්දිත් එයාගේ ඔලුව ලාවට වගේ රිදෙන්න අරගෙනයි තිබුණේ

ඒ ඔලුව රිදිල්ල ගිහින් නවතින්නේ කොහෙද කියලා හොදටම දන්න ස්වේන් ඒ dizzy ගතියෙන් ඉදන්ම ධමීර එක්ක ස්කෝලේ එහෙට මෙහෙට ඇවිදලා බැලුවා , දේවරාජ කණිෂ්ඨ කියන්නේ ස්වේන් හිතුවටත් වඩා පොඩි ස්කෝලයක් !

ඇත්තටම ස්වේන් නාගහවටුනට එද්දි ස්කෝලේ මෙච්චර පොඩි එකක් කියලා කිසිම අයිඩියා එකක් එයාට තිබුණේ නෑ , එයා හිතන් හිටියේ ඒකත් එයා පොඩි කාලේ ලංකාවේ ඉද්දි ඉගෙන ගත්ත ස්කෝලයක් වගේ ඇතියි කියලා . ඒත් දැන් තමන්ගේ ඇස් ඉස්සරහ තියෙන භාගෙට භාගයක්ම පරණ ගොඩනැගිලි තියෙන ගමේ ස්කෝලේ දැක්කාම නම් ස්වේන්ට ටිකක් පුදුමත් හිතුණා , හැබැයි ස්කෝලේ පරිසරය දැක්කාම නම් එයාට පුදුමෙකුත් ආවා . මොකද , ස්කෝලේ පරණ පාට වුණාට ඒ පරිසරයේ තිබුණේ වචනෙන් කියන්න බැරි තරම් පිළිවෙලක්

හෙට ස්කෝලේ පටන් ගන්න නිසාම ඊයේ ශ්‍රමදානයක් තියලා ස්කෝලේ හැමදෙයක්ම අලුත් පාසල් වාරෙට ලෑස්ති කරලා අස් කරලා දාලා තිබුණා , අද ගස් වලින් වැටිලා තිබුණ කොළ ඇරෙන්න වෙන කිසිම දේකින් ස්කෝලේ වත්ත අපිරිසිදු වෙලා නොතිබෙද්දි ස්වේන් ඒ හැම තැනම හොදට ඇවිද ඇවිද ස්කෝලේ බැලුවා

එක දිග හෝල් එකක් පන්ති කීපයක්ම තියෙන විදිහ , ළමයි හදලා තිබුණ ගෙවත්ත , ලොකු වතුර ටැංකිය වගේ හැම පොඩි තැනක්ම ස්වේන්ගේ අවධානෙට අහු වෙද්දි ධමීරත් සද්ද නැතුවම ස්වේන්ගේ මූනේ වෙනස් වෙන රියැක්ශන්ස් දිහා බලන් ඉන්න එක කළා . කොච්චර කාලයක් ස්වේන්ව අධ්‍යනය කලත් ඇත්තටම එයාගේ ඔලුවේ වැඩ කරන්නේ මොනවද කියන එක හිතාගන්න තමන්ට බැරි වෙයි කියන එක ධමීරට කල්පනා වෙද්දි ස්වේන් කොහොමත් මෙහේ ඉන්නේ මාස හයක් විතරයි කියලා අනික් පැත්තට හිතපු එයා ඒ දේවල් ගැන හිතන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා

SR || Ongoing Where stories live. Discover now