09

1.1K 200 98
                                    

ධමීර කියපු විදිහටම උදේට කෑම කෑවට පස්සේ ආපහු උඩ තට්ටුවට ගිය ස්වේන් එයා ස්කූල් අරන් යන්න ලෑස්ති කරගත්ත බැක් පැක් එක අතට ගත්තා , එයාට ඉතින් ඒ බැක් පැක් එක ඇරෙන්න ස්කූල් යද්දි අරන් යන්න වෙන බෑග් එකක් තිබුණේ නෑ . ස්වේන් මහ ලොකුවට අරන්‍ යන්න බැක් පැක් එකක් ලෑස්ති කරගත්තා වුණත් ඒක ඇතුලේ තිබුණේ ස්වේන්ගේ වතුර බෝතලෙයි , පවර් බෑන්ක් එකයි තව චොක්ලට් එකකුයි විතරයි

යන්න කලින් ආයෙත් ටිකක් කල්පනා කරපු ස්වේන් ඒකට නෝට් බුක් එකයි පෑනකුයිත් දාගත්තා . ඒ ඔක්කොමත් අරන් පහළට ආපු ස්වේන් දැක්කේ යන්න කලින් ධමීර ශාරධා මැණිකේට වදින විදිහ . ඉතින් , ධමීරව අනුගමනය කරපු ස්වේනුත් ශාරධා මැණිකේට වැදලා ගිහින් ධමීරගේ කාර් එකට නැගලා ශේප් එකේ ධමීර දිහා හොරෙන් වගේ බැලුවා

ඒ හොර බැල්ම ධමීර හොදටම දැක්කා වුණත් මුකුත් දැක්කේ නැති ගානට හිටපු ධමීර ස්වේන් සීට් බෙල්ට් එක දාගන්නකන් ඉදලා කාර් එක ස්ටාර්ට් කලා , කෑම මේසෙදි කතා කලාට පස්සේ ඒ දෙන්නගෙන් එ තාම එක වචනයක්වත් කතා කරලා තිබුණේ නෑ . විනාඩියක් විතර යනකන්ම එහෙම හිටියත් ටික වෙලාවකට පස්සේ ඒ දෙන්නගෙන් මුලින්ම කතා කරන්න ගත්තේ ධමීර !

" පාර මතක තියාගන්නවා ආශේර්ය , හැමදාම උදේට ට්‍රාන්ස්පෝට් දෙන්නෑ . අද විතරයි ! "

" මන් එන්න කිව්වේ නෑනේ ඉතින් "

ස්වේන් ධමීරට ඔරවලා එහෙම කිව්වත් ධමීර ඒකට මුකුත්ම කියන්න ගියේ නෑ , ඉතින් ස්වේනුත් එතනින් එහාට කතාව කන්ටිනිව් කරන්න ගියේ නෑ . හැබැයි , එයාලා යන අතරමග පාරේ හිටපු හැමෝම ධමීරගේ වාහනේ එද්දි පාරෙන් අයින් වෙන හැටියි ධමීර ඒ හැමෝටම අත වනන හැටියි බලන් හිටපු ස්වේන්‍ට වෙනමම ප්‍රශ්නයක් ආවා

" තමුසේ මේ ගමේ ඉන්න හැමෝවම අදුරනවද ? "

" Technically , yes ! බහින්න "

ස්වේන්ට එහෙම උත්තර දෙන ගමන්ම කාර් එක නතර කරපු ධමීර එයාට වාහනෙන් බහින්න කියලා කියද්දි මුකුත් හිතාගන්න බැරුව හිටපු  ස්වේන් එයා දිහා හෙන පුදුමෙන් බැලුවා , එයාලා දැන් ඉන්නේ ස්කෝලේ පේන මානේ වුණාට එයාලට පාරේ යන්න තව පොඩි දුරක් ඉතුරු වෙලා තිබුණා . ඉතින් , ස්වේන්ව කන්ෆියුස් වෙන එක සාධාරණයි !

SR || Ongoing Where stories live. Discover now