32.තරණය - 1

51 7 20
                                    


කාල රේඛාව 1 - පළමු කොටස

අදීරා අවදි විය.
අවදි වීමට ඇය නින්දට ගියාද..
මරණීය වීමේ සම්භාවිතාවයක් ඇති තුවාලයක් සමගින් නේත්‍රගේ උණුසුමේ රැඳුනා මතකය.

හාත්පස නිහඬය. සුදූ පැහැතිය. ඉහලට විහිදුණු  කැඩපත් පමණක් ඇත.
කොහෙන් කොහොම කියා පැහැදිලි කල නොහැකි වුවත්.. මොලයට විධාන එන්නේ කෙසේද කියා පැහැදිලි කල නොහැකි වුවත්,කල යුත්තේ කුමක්ද කියා අදීරාට දැනින.
කැඩපතින් දිස් වන්නේ මේ මොහොත නොවේ ගෙවුණු මොහොතයි. ආලෝක කිරණ වස්තුව මත පතිත වී කැඩපතේ වැදී පරාවර්තනය වී දෘෂ්ටි විතානය මත නාභී ගත වී ප්‍රතිබීම්බය නිර්මාණය වීමට කොපමණ කුඩා වුවත් යම් කාලයක් ගත වෙයි.
කැඩපත් අතීතයට දොරටුවකි.
ඇය විශාල කැඩපත් අතරින් ඇවිද ගියාය. නොදත් නමුත් සුදුසු කැඩපත ඇය දුටු විට හඳුනා ගන්නවා ඇත.
එක් එක් කැඩපත් වල ඇගේ ජීවිතයේ එක් එක් අවස්ථා දිස් වෙයි.
එක් කැඩපතක් අසල ඇය නැවතුනාය.
ඔව්න් තිදෙනාටම වැදගත් ස්ථානය බැරිස්ටාවයි. එතැනින් ඇරඹිය හැක.
නේත්‍රව මග හරිනවා වෙනුවට ඔහුව හමු විය යුතුය.

නැවත වතාවක් දම් පැහැ පසුබිමේ සුදූ මල් ඉහිරුණු ගවොම හැඳ අදීරා බැරිස්ටාවට ඇතුළු වුවාය.නේත්‍ර පැමිණෙන තෙක් කුඩා මේසයක හිඳ ගෙන කෝපි තොල ගාමින් බලා උන්නාය.එදා මෙන් සමනලුන් පැමිණියේ නැත.ඇය ඔව්න් පසුකොට බොහෝ දුර ගෙවා ඇත.

ජංගම දුරකථනය සවනත රඳවා මිතුරකු සමග සංවාදයේ නියැලී නේත්‍ර බැරිස්ටාවට ඇතුළු විය.
ඔහු දුටු විට අදීරාගේ හදවත ඉහළ සංඛ්‍යාතයකට‍ කම්පනය වන්නට විය. මේ ඇයගේ ආදරයයි.. ඇයගේ ජීවිතයයි. වර්තමානයට වඩා දඟ බවක්... කොළු ගතියක් තැවරී ඇති මුහුණ ඇය නෙත් පුරා විඳ ගත්තාය.සිත් රිදවන සිදු වීම් වලට පෙර ඒ මුහුණ සැහැල්ලුය.දුව ගොස් වැළඳ ගන්නට සිත් වුවද ඇය ඉවසුවාය.
නේත්‍ර ඇණවුම් කිරීමෙ කව්ළුව වෙත ගොස් ඇයට ඉදිරි මේසයේ පසුපස හරවා ඉඳ ගත්තේය.
දහරා ඒමට පෙර අදීරා නැගී සිටියාය. නේත්‍ර අසලට ගියාය.
ඇය අසලට එන විට ඔහු හිස එසවීය. ඒ දෙනෙතේ හඳුනා ගැනීමේ ඡායා මාත්‍රයක් ඇති වී නැති වී ගියේය.
" හායි.. මම අදීරා.. මම තමයි ඔයාට කෝල් කලේ " ඇය ඍජුවම කියා සිටියාය.
ඔහුගේ දෙතොළඟ සිනහවක් ඇඳුනි.ඔහු නැගී සිටියේය.
" මම නේත්‍ර... ඉඳ ගන්න "

නේත්‍රාදීර Where stories live. Discover now