විවාහය ආසන්න වන විට අදීරාගේ සිතුවිලි පැටලිනි .අම්මා තාත්තා අක්කාගෙන් වියෝ වීමේ කම්පනය දැනිනි. නේත්‍රගෙන් නොලැබෙන ආදරය වරින් වර සිත රිදවීය.
ඇගේ සියුම් වෙනස ඇය පිලිබඳව හොඳින් දන්නා නේත්‍රට දැනින. එය කුමක් අරභයා උපන්නක්ද යන්න ඔහුට වැටහුනේ විවාහයට දින කිහිපයකට පෙර රාත්‍රියක ඉතිරිව පැවතුනු කටයුතු කිහිපයක් සැලසුම් කිරීමට ඇගේ නිවසට ගිය විටදීය.ඔහු නිවසට පය තබන විට අදීරා කෑම මේසයේ මව අසලින් හිඳ ගෙන ඇය ලවා බත් කවා ගන්නීය.
මවට සමීප වී ඇගේ සිරුරට වාරු වී සෙනෙහස පිරි දෙනෙතින් ඇය දෙස බලමින් බත් කටෙන් කටට මුව විවර කරන අනාගත බිරිඳ දුටු ඇසිල්ලේම නේත්‍රට ඇගේ වියවුල පැහැදිලි විය.ඔහුට අක්කා සිහි විය.විවාහයට පෙරදා රැයේ ඇය අම්මා වැළඳ ගෙන හඬා වැලපුණු සැටි සිහි විය.
" මට බයයි අම්මේ. ඔයාලව දාලා යන්න බයයි.ඔයයි මල්ලියි නැතුව ඉන්න බයයි."
එය ඇසු තමාගේද දෙනෙත් තෙත් වූ සැටි ඔහුට මතකයට නැගින.
මංගල උත්සවය අවසානයේ අක්කා ඔහුව බදා ගෙන හැඬු සැටි සිහි විය.
" අක්කව බලා ගන්න " කියා දිනෙල් අයියාට ගොත ගසමින් පැවසු සැටි සිහි විය.අක්කා නොමැතිව මුළු නිවසම පාළුවට දැනුනු සැටි සිහි විය.
අදීරා අක්කා තරම් වත් තද සිතැත්තියක් නොවේ.ඇය බෙහෙවින් සංවේදී චරිතයකි.ඇයට මෙම වෙන් වීම තවත් දැනෙනවා ඇති." බලන්නකෝ පුතා... මෙන්න මෙයාට දැන් කවන්නත් වෙලා " අදීරාගෙ මව ඔහු එන විටම පැවසීය.
සිනාසුන මූත් අදීරා අපහසුවකට ලක් වූ බැව් ඔහුට දැනින.
" මාත් එහෙම තමයි.තාම සමහර වෙලාවට අම්මට කියලා කවා ගන්නවා. අම්මා කවන බත් තමයි රසම " නේත්‍ර අදීරා අසල පුටුවේ ඉඳ ගත්තේය.
" එහෙනම් ඉතින් අපේ නංගිට මෙයාටත් කවන්න වෙයි වගේ " තරප්පු පෙළ බසිමින් උන් කාශී පැවසුවාය.
" මට තනියම කන්න පුළුවන්... කවන කොට ඒත් කන්න පුළුවන්.. කවන්නත් පුළුවන් " නේත්‍රද ඇයට එකට එක කීවෙය.
" බලමුකෝ... අපිත් ඉන්නවනේ "
" කාෂි පුතේ තාත්තාට කෝල් එකක් අරන් අහන්න ඇයි පරක්කු කියලා " තමාලි පැවසුවේ දෙදෙනාගේ ගැටුමක් වැලක්වීමටයි.ලද සෑම අවස්ථාවකම කාශී නේත්‍රට වාග් ප්‍රහාර දියත් කිරීම මග හැරියේ නැත . පව්ල් දෙකේ වැඩිහිටියන්ට එය විහිළුවක් වුවත් ඊට පහලින් උන් කියාරා සහ දිනෙල්ට එය විහිළුවක් නොවන වග තේරුනි.කියාරාගෙ සිත තුල කාශී කෙරෙහි නොරුස්නා බවක් තිබුනත් දිනෙල් ගෙ පව්ලේ අයට වඩා කියාරා හොඳ බව සිතා ඇය සැනසුණාය. අනිත් අතට මල්ලීට ඕනෑම කෙනෙක් සමග වාසය කර හැකි බව කියාරා හොඳින් දනී.