35. තරණය 4

59 9 7
                                    


කාල රේඛාව 3

අදීරා යලිත් කැඩපත් අතර තනි විය.ඇය පොලව නොවන පෘෂ්ටයක්‌ මත වැතිරුනාය.මනස අස්තාවර ලෙසින් දැනෙයි. තද හිසේ රුදාවක් පීඩා කරයි.වරදින්නේ කොතැනද... ඇය යලිත් යලිත් සිතුවාය.
ඇය නේත්‍ර හමු විය... දහරා සුනු විසුනු විය.
ඇය සහ දහරා නේත්‍ර මග හැරීය. අක්කා....

නිවැරදි කර හැක්කේ කොතැනද....
ඉතිරිව ඇත්තේ එක් මාර්ගයකි....

අදීරා යලිත් බැරිස්ටාව ඉදිරි පිට සිට ගත්තාය.ඇගේ මනස විඩාබරය.
නේත්‍රගේ පැමිණිම අපේක්ෂාවෙන් කුඩා මේසය අසල හිඳ ගත්තාය.
කෝපි ඇණවුම් කලාය.
මඳ වේලාවකින් නේත්‍ර ජංගම දුරක්තනය කනේ තබා ගෙන බැරිස්ටාවට ඇතුළු විය.
අදීරාගේ හදවත රිදුම් දෙන්නට විය...උල් නිය හදවත පහුරු ගාන්නාක් මෙනි.

නේත්‍ර ඇයට ඉදිරි මේසයේ අසුන් ගත්තේය.
අදීරා දහරා එන තෙක් කල් බැලුවාය. දහරා දොර හරින විට නේත්‍ර ඇය දෙස බැලීය.
දහරා හිඳ ගත්තාට පසු අදීරා නේත්‍ර වෙත ගියාය.
" හායි.. මම අදීරා.. මම තමයි ඔයාට කෝල් කලේ "
" හායි.. මම නේත්‍ර. ඔයා දන්නවනේ.. " ඔහු සිනාසුනේය. " ඉඳ ගන්න "
අදීරා ඔහු ඉදිරිපස හිඳ ගත්තාය.ඔහුගේ දෙනෙත්... තිර බැල්ම.. පැහැපත් මුහුණ.. අදීරාගේ හදවතේ ආදරය උතුරන්නට විය.

" මොනා හරි බොනවද "
" එපා.. මං කොෆි එකක් බිව්වා "
නේත්‍ර ඇය නිරීක්ෂණය කරන බැව් අදීරාට වැටහුණි. l
" ඔයා වර්ක් කරනවද "
" නැහැ.. යුනිවරසිටි.. ෆයිනලස් ඉවර වුණා විතරයි "
" මොන යුනි එකේද "
" කළම්බෝ.. මෙඩිකල් ෆැකල්ටි "
ඔහු සිනාසුනේය. " ඩොක්ටර් "
" තාම නැහැ "

ඇය කෝපි කෝප්පය ගෙන වාහනය තුල රැඳුනාය.

" ඉතින්... " නේත්‍රගේ සිනහව.. එය ඇගේ මුළු සිරුරම දවාලයි. දුටු මුල් දිනයේ පටන්ම ඇය ඒ සිනහවට බොහෝ සෙයින් ආදරය කලාය. ඒ සිනහවට වශී වුවාය.සිනහව දැකීම උදෙසාම ඔහුට ඇතැම් විට සරදම් කලාය. කෝප වූ විට සිප ගත්තාය.
අද කිරීමට සිදුව ඇති දෙය ඇය කිසි
විටක බලාපොරොත්තු වුවක් නොවේ.

නේත්‍ර ඇගේ පව්ල... ජීවත් වන පෙදෙස..විශ්ව විද්‍යාල ජීවිතය.. රුචි අරුචි කම් ගැන පැනයන් කිහිපයක් ඇසීය.අදීරා ඒවාට නිසි පිළිතුරු සැපයුවාය.

නේත්‍රාදීර Where stories live. Discover now