9 කොටස

117 17 41
                                    

         " ලොකූ.... දවල් වෙලා... නැගිටින්න."

අද සෙනසුරාදා නිසාම ටිකක් දවල් වෙනකන් නිදාගන්න හිතුවෙ ක්ලාස් තියෙන්නෙත් හවස නිසා. අනික ඊයෙ රෑ නිදාගන්නකොටත් ගොඩක් රෑ උනා. ඊයෙ උන දේවල් නිසාම මට රෑ මැදක් වෙනකන් නින්දක් නැති උනේ සැරින් සැරේම එයාව මතක් වෙන නිසා.බැරිම තැන ෆිල්ම් එකක් බලන්න අරන් මැද හරියක් යනකොට දන්නෙම නැතුව නින්ද ගිහින්.

පෝන් එක අතට ගතපු මම වෙලාව බැලුවෙ ගොඩක් දවල් වෙලාද කියලා.

අඩේහ්හ් නමයත් වෙලානෙ.එච්චර නින්ද ගිහින්ද. ඔව් ඉතින් ඊයෙ නිදාගන්නකොට මම හිතන්නෙ තුන විතර වෙලා.පුදුමයක් නෙමෙයි මෙච්චර වෙලා නින්ද ගිය එක.

දැන් ඉතින් තා ටිකකින් ක්ලාස් යන්න ලෑස්ති වෙන්න ඕන නිසා තවත් ඇදේ ඉදලා බෑනෙ.එහෙම හිතලා මන් ඇඳෙන් නැගිට්ටෙ නාගන්න යන්න.

" චූටි කෝ අම්මෙ."

කුස්සියේ වාඩිවෙලා පලා වගේකද කොහෙද රොඩු ඇහිද ඇහිද හිටපු අම්මගෙන් මන් එහෙම ඇහුවෙ චූටි පේන්න නැති නිසා.නැත්තන් මේ වෙනකොට ටීවි එක ඉස්සරහනෙ.

" අද චූටිට උදෙන්ම පන්තිනෙ ලොකූ.ගණන් පන්ති.උදෙම්ම අප්පච්චි ගිහින් දාලා ආවෙ.."

" කෝ අප්පච්චි... කුඹුරෙ ගියාද..."

" ඔව් ඔන්න නන්ගි ගිහින් දාලා ආපු ගමන් ගියේ..."

" හා හා අම්මා මන් නාගෙන එන්නම්."

චූටි පන්ති ගිහින්ලු.අද නන්ගිට තන්ගල්ලෙ ක්ලාස් කියලා මට අමතක උනානෙ.ඔව් ඉතින් මේ දවස්වල මගෙ සිහිය මගෙන් සෑහෙන්න ඈතක තියෙන්නෙ.පුදුම වෙන්න දෙයක් නෑ අමතක උන එක.අප්පච්චිත් කුඹුරෙ ගිහින්ලු.කුඹුරු ගැන මතක් වෙනකොට මට මතක් වෙන්නෙම ඊයෙ හවස.ආහ්හ්හ් මතක් වෙද්දිත් බඩ නිකන් අමුතුයි අමුතුයි වගේ.

විකාර හිත හිතම මන් නාගත්තෙ මේ දවස් ටිකේම සැරින් සැරේ මතක් වෙලා මගෙ ඔලුවෙ හොල්මන් කරන තෙවීශ් අයියටත් හිතින් බයින ගමන්.ඕකා නිසා තමයි මේ ඔක්කොම.

පැයක් විතර හොදට නාගතපු මම ටවල් එකත් අවුවට දාලා අම්මව හොයන් ආවෙ බත් ටිකක් බෙදලා දෙන්න කියන්න.බඩගිනී හොදටම.

යුකී 🦋🍃| ongoing ( Non - fiction )Where stories live. Discover now