🖤🐺
"අද මන් මෙහේ ඉන්නවා මෝඩස්...."
ජෝර්ජි ඔහේ ටීවී එක බල බල කටේ චිප්ස් පුරවගෙන කියනකොට ගෙවින්නම් හිටියේ ෆෝන් එකේ සිහියෙන්......
"ඕයී මේහ් ආහ් චිප්ස් ටිකක් "
ජෝර්ජි ගෙවින්ගේ කටට චිප්ස් ටිකක් දැම්මේ ගෙවින්ගේ ඇස් දෙක ටිකකට ජෝර්ජි දිහා බලනකොට...."මොකද ....නිකන් නිකන්....."
ගෙවින් ආයෙම ෆෝන් එක දිහා බලනකොට ජෝර්ජි ගෙවින්ගේ කොන්ඩෙ අස්සෙන් අත දාලා අතගාන්න ගත්තේ ලගින්ම වාඩි වෙන ගමන්....දොර ගාවටම ආපු ඔලීහ් වීදුරු වලින් වට කරලා තියන ගෙදර ඇතුල දිහා බලන් හිටියේ ඇස් පිල්ලම් ගහන්නෙත් නැතුව...."මොකද්ද .....ගෙවින් කෙල්ලෙක් එක්ක....මේ රෑ ....ඒ එයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් ද.... දෙයියනේ ...."
ඔලීගේ ඇස් දෙක ලාවට බොද වේගෙන යනකොට ඔලී ආයේමත් අනිත් පැත්ත හැරිලා ගෙදරට දිව්වේ අතේ තිබ්බ කෑම පාර්සලෙත් වෙවුලන අනිත් අල්ලගෙනම.....
"ගෙවින් ඉස්සර අපි කොච්චර සතුටින් හිටියද නේද...."ඇයි දැන් එහෙම නැද්ද....."
'නෑ මන් කිව්වේ ඉතිම් ඉස්සර මතක එහෙම ලේසියෙන් අමතක කරන්න බෑනේ ....."
"ම්ම් ම්ම්ම් "...ගෙවින් සෙටිය දිගේ කකුල් දෙකත් උඩට අරගෙන හාන්සි උනේ ෆෝන් එකත් අත් දෙකෙන්ම අල්ලගන්න ගමන්...."මොකද ගිය පයින් ආප..... "
ඉවාන් සෙටියෙන් ඉස්සිලා කියන්න ගිය එකත් නතර කෙරුවේ ගියාට වඩා වේගෙන් ගෙට ගිය ඔලී දිහා බලන ගමන්.....
"මේහ් ඔන්න ඕක ගෙවින්ට දීලා එනවා..... "
ආයෙම ආපු ඔලී කියාගෙන යනකොට කිසි දෙයක් හිතාගන්න බැරි ඉවාන් නලලත් රැලි කරන් බලන් ඉදියා....."පිස්සුද මේ ගෑනිට ...අනේ මන්දා.....ගෙවින්ට..ඌට මොනා දෙන්නද...."ලෙක්සි තේ එකකුත් අතේ තියාගෙන ඇවිත් දොර ලග හිටගත්තේ එලිය බලාගෙනම තේ උගුරකුත් බොන ගමන්....
"තාත්තා අද ගෙදර එන්නෑ කිව්වා අම්මෙහ් ....."දන්නවා දන්නවා කොල්ලොහ්... "
ලෙක්සිත් ඇවිල්ලා සෙටියෙන් වාඩි උනේ ඉවාන් දිහත් බලන ගමන්...."මොකද අම්මේහ්..."ටේබල් එක උඩ තියන ඔලීට දුන්න කෑම එක දැක්ක ලෙක්සි ඒක දිහා බලන් ඉන්නකොට ඉවාන් ඇහුවේ මොනා වෙලාද කියලා බලන ගමන්...