🖤🐺
"එහෙනම් කොල්ලෝ අපි ගියා පරිස්සමෙන් පලයන් ....."ශවිනුයි අභීයි කැපුනේ උන් දෙන්නගේ ගෙවල් පැත්තට යන පාර ගාවින්.... ගෙවින් නිදි මර ගාතේ ඉක්මනට ගෙදරට හරවන පාර දිගේ ගියා....බයිසිකලෙත් නවත්තලා ගේට්ටුවත් ඇරපු ගෙවින් බයිසිකලේ උඩට දාලා ගෙට්ටුව වහන්න ගියේ වෙලාවත් බලන ගමන් ....
"අම්මටහුඩු දොලහත් පහුවෙලා..."කෙලින්ම ගිය ගමන්ම ඇදට පැන්න ගෙවින් විනාඩි දෙකක් යන්නත් කලින් ගොර ඇද ඇද නින්දට වැටුනා....."
"ඉවාන් ....ඉවාන්....ඉවාන්..."
ලෙක්සි ඉවාන්ගේ පිටට ගහන ගමන් කෑගැහුවා..."ආ ආ ආහ් මොකද කවුද මොකද ඇයි ආයි රිදෙනවා...".අද ඔෆිස් යන්නේ නැද්ද ....."අහ් අම්මේහ් නිදාගන්න දෙන්නකෝ අනේ ....."
බිව්වද ඊයේ ගිහින් බලනවා ගද නහයක් කටක් තියන් ඉන්න පුලුවන් ද පලයන් පලයන් ගිහින් නාගෙන වරෙන් ලෙක්සි හයියෙන්ම ඉවාන්ගේ කොන්දට ගැහුවා...."ආව්වා අනේහ් හරි හරි යන්නම් අනේ යන්නම් ඔය ටයිප්රයිටරේ නවත්තගන්නකෝ දෙයියනේ..."ඉවාන් කුටු කුටු ගගා ඇදෙන් බැස්සේ ලෙක්සි දිහත් බලන ගමන්......
"ලබන සතියේ එනවද ...."හරි හරි පරිස්සමෙන් ඉන්නකෝ සුදූ ..."හරි හරි අම්මේහ් මන් මේ කොලේජ් යන්න ලෑස්ති උනා....හරි සුදූ..."එහෙනම් තියනවා අම්මේහ්...."ගෙවින් ෆෝන් එකත් සාක්කුවට දාගත්තේ පඩිපෙළ බහින ගමන්....
"ටෙරා මට හරි අවුල් ඒයී අරක නිසා...".ඔලී මේ අහන්නකෝ උන් සීන් දැම්මට උන්ට කරන්න පුලුවන් රෙද්දක් නෑ ඔලී අපි බලමුකෝ ටිකක් හොදද මැනිකේ...".ම්ම්ම්ම් යමන් ක්ලාස් එකට....."
"අඩෝහ් ගෙවින් අර බලපන්...."
ටෙරා එන ගෙවින් දිහාවට අත දික් කරනකොට ඔලී දුවගෙන දුවගෙන ගිහින් ගෙවින්ගේ කරේ එල්ලුනේ ගෙවිනුත් එතනම නතර වෙනකොට....."මොකද මේ ඔලීහ්....."පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්නකෝ ප්ලීස්...."ගෙවිනුත් ඔලීගේ පිට අතගෑවේ පොඩි එකෙක් වගේ දැක්ක ගමන් ඇවිල්ලා ඇගේ එල්ලිච්ච නිසා...."දැන් ඇති නේද ...."විනාඩි දෙකක් විතර හිටපු ගෙවින් ඔලීගේ අත් දෙකෙන් අල්ලලා එහාට කලේ කොලේජ් එකේ උන් අමුතු විදිහට බල බල යන නිසා.....
![](https://img.wattpad.com/cover/372468311-288-k220698.jpg)
YOU ARE READING
Deep heart _°
Romanceහහ් උබට මතකයි එහෙනම් ...මම ඉවාන්...ඉවාන් ජේකබ් අද වෙනකම් එකෙක් මට අත තියලා නෑ...උබ දන්නවද පාහරයා...ඉස්කෝලේ එකෙක් මට අතක් දික් කරගෙන ඇවිල්ලා නෑ ඒත් උබ...කොන්ඩෙත් අල්ලලා ගෙවින්ව තවත් අදින ගමන් ඉවාන් කිව්වේ රතු පාට වේගෙන එන ගෙවින්ගේ ඇස් දෙක දිහා බලාගෙන...