වැහිකෝඩ 45

640 50 5
                                    

#හතලිස්_පස්වෙනි_කොටස 💜️

මං අම්මා ළඟට වෙලා ගොඩක් ඇඬුවා..අඬලා අඬලා තමයි හිත හදාගත්තෙ..ඇස්වලින් කඳුළු ගලන්නේ නැති තරම් ඇඬුවා..ඇස් කෙවෙනි වේලෙනකම් අඬලා අඬලා හිත පොඩ්ඩක් හරි හදාගත්තෙ මං ඇඬුවා කියලා ආයෙ මුකුත් වෙනස් වෙන්නෙ නැති නිසා..මං එලියට පුටුවක් අරන් ඇවිත් වාඩි වුනේ හුළං පාරක්වත් වදින්න..වටපිටාවත් එක්කම ඔක්කොම හෙන මූසලකමකින් පිරිලා තියෙන්නේ..ඈතින් චෙන්සො එකක සද්දයක් විතරක් හුළං පාර කපාගෙන ඇහෙනවා..ඉඳලා හිටලා ඇහෙන වැහි ලිහිණියෙක්ගේ සද්දයක් ඇරෙන්න..ආයේ කිසිම හාවක් හූවක් නෑ..සුනාමියක් ඇවිත් ගියා වගෙ දැනුණා මට..

සුප් එක බීලම මගෙ බඩ පිරිලා..මූණ සෝදගෙන ගෙට ඇවිත් මං පෝන් එක අතට ගන්නකොට නුරාග්ගෙන් මැසේජ් ඇවිත්..මං ඊයෙ රෑ පෝන් එක අතට ගත්තෙවත් නෑ..පරිස්සමෙන් ගෙදර ගියාද රත්තරං..වැඩිපුර හිතන්නෙපා..කාලා බීලා පරිස්සමෙන් නිදාගන්න..මං ඉක්මනින් හම්බවෙන්නම්..එතකන් පරිස්සමෙන් ඉන්න..වැඩ ටික කරගන්න හරියට..මොකක් හරි උවමනාවක් තියෙනවා නම් සල්ලි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් මට කියන්න..මං ඒ ටිකටත් රිප්ලයි කරලා නාගත්තා උදෙන්ම...උණ තිබ්බත් කමක් නෑ අම්මගෙන් හොඳ බැනුම් ටිකකුත් අහගෙන මම නා ගත්තා..චූටි හවස වැඩට ගිහින් ආවා..සර් මං නෑවීත් උන්නු එකට මුකුත් කියලා නෑ..පහන්ට පුළුවන් දවසක වැඩට එන්න..හිතේ අවුලක් වැඩ කරනකොට කරන වැඩක්වත් හරියට කරගන්න බැරි නිසා ටිකක් රෙස්ට් කරලා එන්න කියලා සර් චූටිගෙ අතෙ කියලා එවලා තිබ්බත් ගෙදර හිටියොත් මට පිස්සු හැදෙන නිසා මං හෙට වැඩට යනවයි කියලා හිතාගත්තා..

පහුවදා මං ලෑස්ති වුණෙ වැඩට යන්න..උණ තිබ්බත් කමක් නෑ මේ ගෙදර හිටියොත් වෙන දෙයක් මට වෙනවා හිතලම..අද ෂොප් එකත් හෝදලා ගිහින් වගේ ඇති..දීප්ත නැති අඩුව කාටත් වඩා දැන් මට දැනෙනවා..සර්ටත් එහෙම්ම වෙන්න ඇති..ඒ හිස්තැන පුරවන්න පුළුවන් කෙනෙක් හොයාගන්න සර්ට කාලයක් යයි..හැබැයි ඒ හිස්තැන පුරවන්න සර්ට බැරිවෙයි..මොකද දීප්තල වගේ අය ඉන්නෙ එක්කෙනෙක් විතරක්ම නිසා..අපි දෙන්නා උදෙන්ම ශොප් එකට ආවා..

🌊~වැහිකෝඩ~🔞                   Where stories live. Discover now