වැහිකෝඩ 44

1.4K 93 13
                                    

#හතලිස්_හතරවෙනි_කොටස 💜️

"ඊටපස්සෙ අහුන්කඩුවෙදි පහන්ව හම්බුනා පස්සෙ දවසෙ එදත් අයියා මට දවල් කෝල් එකක් අරන් හොඳටම බැන්නා.."

..........අතීතය,

"උඹ මගෙන් හැමුනුම් පද අහගන්නෙපා ගඟන..උඹ මෙච්චර දෙයක් කරලා මුට ආදරෙයි කියලා බලාපොරොත්තු දීලා උඹට පුළුවන් ද ඔහොම මූව තවත් රිද්දන්න.."

"අනේ ඕයි මං තමුසෙට කිව්වනේ..මට අහම්බෙන් හම්බුණෙ පහන්ව..මං දැක්කනම් මඟාරිනවා...එහෙනම් උට දුකක් නෑ...ඒත් මං ශොප් එකට ගිහින් ඉන්නකොට එකපාරටම මගේ මූණට මං මුණ ගැහුණම වෙන කොහොමද කතා කරන්න ඕනි..තාත්තා එවපු මිනිස්සු හැමතැනකම ඉන්නවා..එහෙම වෙද්දි මට පුළුවන් ද පහන්ගෙ ජීවිතේට අනතුරක් වෙනකන් මට කට ඇරන් ඉන්න.."

"හරි හරි මං උඹ එතන වැරදියි කියලා කියන්නෙ නෑ.."

"අනික පහන්ට තව ඉවසන්න කියලා කියන්න මං මොනා කියලා කරන්නද...අනික තමුසේ තමුසෙගේ වැඩක් බලා ගන්නවා..මේක මගෙයි පහන්ගෙයි ප්‍රශ්නයක්.."

"අයිසෙ මේ උඹලගෙ තාත්තා මගෙ අම්මට කරපු දේද උඹ කරන්න යන්නෙත් මුට.. මාව ඔහෙට්ට ගෙන්නගන් නැතුව උඹ අද හවස හතට අනිවාරෙන් වවුල් පාර්ක් එකට එන්න ඕනි..හවසට එහෙ මොකෙක්වත් නෑ..උඹ අනිවාර්යෙන්ම අදැවිත් පහන්ව හම්බ වෙන්න ඕන..මං ඌට පොරොන්දුවක් උනා.."

"තමුසෙගෙ මොළේ හොඳ නැද්ද..පහන් කියන්නෙ මගෙ කොල්ලා තමුසෙ මොකටද අපෙ ප්‍රශ්න වලට එන්නෙ..පාඩුවෙ ඉඳපන්..."

"උඹ හුත් කන පලාගන්නෙපා මල්ලි..මට මේ පහන් උඹෙ කවුරු වුණත් වැඩක් නෑ..ඒත් එකක් මතක තියාගනින්..පහන් උඹේ කොල්ලා වුණාට පහන් කියන්නේ මගෙත් යාළුවා හරිද..මට මොන ප්‍රශ්නයක් වුණත් එක බල්ලෙක් නැති වෙලාවේ..මූ තමයි මං ගාව හිටපු එකා..ඌ තවත් උඹ නිසා මෙච්චර දුක් විඳිනවා බලන්න මට ඕන කමක් නෑ..ඒක නිසා මං උඹට ආයෙ කියන්නෙ නෑ මේ අන්තිම පාර..උඹේ අයියා විදිහට නෙවෙයි මගේ යාලුවා වෙනුවෙන් මේක කරන්නේ..අද හවස හතට හරියටම තමුසේ වවුල් පාක් එකට එන්න ඕන..මං හත වෙද්දි පහන් එක්ක එතනට එනවා අද..තමුසෙ නාවොත් මේ අයියා කියලා එකෙක් තමුසෙට නෑ කියලා මතක තියාගෙන වැඩ කරනවා..හැබැයි උඹ ඇත්තටම ආවේ නැත්නම් මං මේ සම්බන්දේ කඩලා දානවා..උඹ අද එන්නම ඕන..මං තියනවා.."

   🌊වැහිකෝඩ | Non - Fiction Where stories live. Discover now