#තිස්_නවවන_කොටස 💜️
"උඹට මාව විශ්වාසයිද.."
"ඇයි උඹ දැන් එහෙම අහන්නේ.."
"විශ්වාසද නැද්ද කියලා විතරක් කියපන්කො..."
"වි..ශ් වාසයි...ඇයි එහෙම අහන්නෙ.."
"හරි උඹට විශ්වාසයිනෙ මාව..එහෙනම් මට හවස් වෙනකම් කල්දියන්.."
"ඒ ඇයි..." ?
"කියපන්කො.."
"මට උඹට දෙන්න දෙයක් වගේම පෙන්නන්න දේකුත් තියෙනවා.."
"ඒ ගමන මොකද්ද.." ?
"කියපන්කො..කන්ඩ වගේ බලන් ඉන්නේ.."
"ම්ම්..ඒක මං ඒ වෙලාවට දෙන්නම්..මට උඹ වෙනුවෙන් කරන්ඩ පුළුවන් ලොකුම උදව්ව ඒක විතරයි පහන්..උඹ වෙනුවෙන් මට ඒක කරන්න පුළුවන් අන්තිමට..."
"අඩෙ මොකද්ද කියලා කියපන්කො..උඹ කියන විදියට බය හිතෙනවනෙ බාන් මට..කියපන්කො බන්...."
"ඒක මං හරි වෙලාවට කියන්නම්..හැබැයි මං උඹට මේ උදව්ව කරන්නෙ උඹ ඉන්න විදිහ බලන් මට තවත් ඉන්න බැරි හන්දා..හැබැයි පොරොන්දුවක් වියන්.."
"පොරොන්දුවක්.." !!!
"මොකද්ද.." ?
"සමහරවිට මං උඹට දෙන දේ හින්දා උඹට ගොඩක් රිදෙන්ඩ පුළුවන්..ඒත් රිදුණත් උඹට ඒ දේ මට දෙන්නම ඕනි..මොකද උඹ දැන් ජීවත් වෙන්නෙම ඒ හන්දා කියලා මං දන්නවා..ඒත් උඹට කොච්චර රිදුනත් මට ඇත්තෙලි කරන්න වෙනවා.."
"ඇත්ත මොකද්ද ඇත්ත තවත්.."
"තේරෙන්න කියාපන්කො බන්..උඹ මාව බය කරනවනේ..ප්ලීස් කියපාන්කො දීප්තයෝ.."
"අද වැඩ ඉවර වෙලා මං එක්ක යමන් තැනකට..චූටිට ගෙදර යන්න කියපන්...."
"ඒ ගමන උඹ මාව මරන්නවත්ද යන්නේ.."
"උඹව මරන්න නම් මට චාන්ස් දෙක තුනක්ම තිබ්බා..ඒත් පව්නෙ පොඩි එකා කියලා අතෑරියෙ.."
දීප්තයා මගෙ ඔලුවට ඇනලා කිව්වේ..
"ඒ සිරාවටම අහන්නේ මොකද්ද කියලා කියපන්කො කියපු ඇත්ත...."
"ඒක මං ඒ වෙලාවට මං පෙන්නලම කියන්නම්..දැන් ඕකම කියලා මට වද නොදී පලයන් දැන්..පලයාආආආආන් ඉතින්...උඹට ගොඩක් රිදෙයි..ඒකට කමක් නෑ..උඹ ඇත්ත දැනගන්න ඕන මොනා උනත්...හැබැයි උඹ ඒ වෙලාව එනකන් හොට නම් එල්ලගෙන ඉන්න එපා පුතො මටත් එපාවෙනවා එහෙම දකිද්දි..."
YOU ARE READING
🌊වැහිකෝඩ | Non - Fiction
Non-Fictionකොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි...