වැහිකෝඩ 54

1.2K 71 48
                                    

#පනස්_හතරවන_කොටස 💜️

"ලොකූ හෙට යනවා නේද ටවුන්.."

"ඒ මොකද ආයෙ.."

"ඇයි ඕයි..අම්මටයි තාත්තටයි මුකුත් ගත්තෙ නෑනේ..අනික ගෙදෙට්ට බඩු ටිකක් ගේන්න වෙයි.."

"මං එව්වා බලන්නං..තමුසෙ ඕවා අකවුන්ට් එකට දාලා තියාගන්නවා..හෙට අනිද්දම රිසාල්ට් රිලීස් වෙයි..ඊටපස්සෙ ටික දවසකින් කැම්පස් එයි.."

"හරි හරි ඒකට කල් තියෙනවනෙ තව මාස දෙකක්වත් යයි.."

"කල් තියෙනවා කිකිය හිටපන්කො..අන්තිම රෙදි නැතුව යන්න වෙන්නේ.."

"හරි හරි ඕයි.."

දවස් පහක් නිවාඩු..මේ ටිකේ නිවාඩුවට ඉඳිය හැකි..අම්මට අර කෑම හදන්න බඩු ටික ගෙනත් දෙන්නත් ඕන..ඊටපස්සෙ යද්දි ජනියට මොනා හරි ඇන්න යන්නත් ඕනි..ඌ පව් ගෙදර ගියාද දන් නෑ..මොකටත් අද ටවුන් ගියොතින් ඌව බලන්න යන්නත් ඕනි..මං හදාපි කෙහෙල් ගස් වෑරලා බඩ මෝරලා උසට හැදිලා ඇති කියලා හිතුවත් තුන හතරක් ඇරෙන්න අනික් ඔක්කොම මයිල් නැති බැල්ලියක්ගෙ ඇටකටු පේලිය වගෙ වැහැරිලා ගිහින් තිබ්බා..අනික්වා පොඩ්ඩක් සාරෙට තිබ්බත් දැන් ම පීදෙනෙකක් නෑ..අවුරුද්දට නැති කෙහෙල් වෙසක් එකට කන්ඩ හැකි..අපිට උනොත් වෙන්නෙ එහෙම දේවල්..මගේ හිතට පොඩි අයිඩියා එකක් නං ආවා..අද තීන්ත ටිකක්වත් ගෙනල්ලා ගාලා ඇරියනම් හොඳයි කියලා හිතුණෙ ගෙදර කාලෙකින් තීන්ත උලලා නැති නිසා..ඉස්සර කාලෙ උලාපුවා දැන් පේන්නෙවත් නැ ජරා වෙලා..පුලු පුළුවන් විදිහට ඉස්සරහට වෙන්න හදපු කෑල්ලත් කපරාරු කරලා පොටි ටිකක් ඇදගත්තනම් ශේප්.. පස්සෙ තීන්ත ටිකක් ගාලා අරින්ඩ බැරියෑ..මගේ පොතෙ දැන් ටික ගාණක් තියෙනවා..හිතේ තව පුංචි අදහසකුත් තියෙනවා මොකටත් බලමුකො අද ටවුන් ගියොත්...

"අම්මා..මකුළු දැල් කැඩුවද..කැවුම් හැදුවද..ආයෙ මොනාද හදන්නේ..පොල් ටොෆි ටිකයි අනෝදා මල් ටිකකුයිත් ඕනි ගෙනියන්ඩ ශොප් එකට.."

"ඒ මොකද එව්වා.."

"එකේකට මොනා හරි ගාණෙ හදාගෙන එන්න කිව්වා..කොල්ලො ඔක්කොම ගේනවා..මට නන් පොල් ටොෆි අහු උනෙ..චූටිට නන් අනෝදා මල්.."

   🌊වැහිකෝඩ | Non - Fiction Where stories live. Discover now