1 වන සකය

1.1K 74 66
                                    

"මිස්ටර් මනුල මේක තමයි මගෙන් හම්බෙන අන්‍තිම ප්‍රශ්නය"

තමන් සතුව ඇති පෑන කරකවමින් කතුවරයා කියද්දි වීදුරු මේසෙ පැත්තක තිබ්බ රෙකෝඩර් එකෙන් පොඩියට රෙඩ් ලයිට් එකක් පත්තු වෙවී තිබ්බෙ ඒක තියෙන්නෙ ඔන් එකේ කියන්න සාක්ෂි දරන්න වගේ.

"Okay tell me"

"මිස්ටර් මනුලගේ පෞද්ගලික ජීවිතයෙ ආදරය කරන්න කෙනෙක් ඉන්නවද. නැත්නම් විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද ඉදිරියට ?"

"මිස්ටර් ප්‍රවීන් ඉදලා ඉදලා අතෑරියේ මාර ප්‍රශ්නයක් නේද ?"

පහළට නෙරාගෙන ආව හීනියට බ්ලැක් කලර් ප්‍රේම් එකක් ගිය ස්පෙක්ස් පස්සට කරගත්තු මනුල ඉදන් හිටිය සෝෆා එකෙන් ටිකක් ඉස්සරට නැමුණා.

"අකමැතිනම් මිස්ටර් මනුල උත්තර නොදී හිටියට කමක් නෑ"

"නෑ නෑ මට උත්තරයක් දෙන්න තරම් ඒක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි."

ඉස්සරහින් ඉදගෙන හිටිය මාධ්‍යවේදියා ඔලුව වැනුවා. හෙට පලවෙන බිස්නස් මැගසින් එකේ මුල් පිටුව සරසන්න යන්නෙ ඉතින් මනුලගෙන්.

"තාම මං මගේ සෝල් මේට්ව හොයන ගමන් ඉන්නේ. අනික මට තව වැඩි වයසක් කියලද. මං හිතනවා ඉස්සරහෙදි මට ගැලපෙන හරිම කෙනාව හම්බෙයි කියලා"

"ඒ කියන්නේ මේක මිස්ටර් මනුල ගැන ඇහැගහන් ඉන්න ගර්ස්ලා වෙනුවෙන් සුභ ආරංචියක්."

මනුල හිනා වුණා.

" අපි බලමුකෝ. කවුරු කොහොම කෙනෙක් වේවිද කියලා මාත් මේ බලන් ඉන්නේ."

"ලැබෙන කෙනා හරියන කෙනෙක් වෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මිස්ටර් මනුලට. එහෙනම් අද දවසට ගොඩක් තෑන්ක් මට වෙලාවක් දුන්නට"

"It's not a big deal praveen. Also Thank you to you"

ළඟ තිබ්බ බඩු ඔක්කොම ගෙනාව බෑග් එකට අහුරමින් ප්‍රවීන් සුහඳ හිනාවක් දීගෙන ඔෆිස් එකෙන් යන්න ගියා.

"එක්ස්කියුස්මී සර්"

වීදුරු දොර ඇරගෙන ආව, ඇඳුමේ ඉදන් පිළිවෙලකට තියන් ඉන්න මනුලගෙ සෙක්‍රටි ලේඛා ෆයිල් වගයක් උස්සගෙන මනුල ළඟට ආවා.

සකපෝරුවWhere stories live. Discover now