8 වන සකය

311 46 17
                                    

සාමාන්‍යයෙන් මනුල කියන්නේ උදේට නැඟිටින්න ටිකක් කම්මැලි චරිතයක්. ඒත් ඔෆිස් දවස්වලට නම් ටිකක් විතර වේලපහ නැඟිටිනවා.

"අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි
උදා වෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝදබර ලෝකෙක
අපි ජීවත් වෙන්නේ..."

"මං ඇහැරුණෙ කොයි වෙලේද රතු අප්පු.. දැන් ලෑස්තිත් වෙලා ඉවරයි"

ටයි ගැටය බුරුල් කර කර මනුල කියවන්න ගත්තේ මිරර් එක දිහා බලන් ඒක හරිගස්වමින්. ළා කොළ පාට බැගී ශර්ට් එකකට කළු පාට ටයි පටියක් අල්ලගෙන කොල්ලා කල්පනා කරන්නේ අද ටයි එක දානවද නැද්ද කියලා.

"එක්කෝ අද නොදා යනවා"

ඔලුවෙන් ටයි එක ගලවගන්න ගමන් මනුල කිව්වේ රතු අප්පු දිහාවට හැරිලා. කබර්ඩ් එක ඇරලා තිබ්බ විදියටම ටයි එක රෝල් කරලා හරිගැස්සුව මනුල එහයින් තියෙන ලාච්චුව ඇරලා රෝලෙක්ස් සිල්වර් කලර් වොච් එකක් අතට අරන් දාගත්තා.

"මනුල පුචාට දැන් මනමාල බැල්මක් වැටිලා ඔව් ඔව්.."

අතට ජෙල් ටිකක් ලාවට අරන් කොණ්ඩේ හදාගනිමින් උන්න මනුල හැරුණේ මේ පණ්ඩිතයා කියපු කතාව ඇහිලා.

"මොකද අප්පු වටින් හින්ට් ගහන්නේ මට. වෙනදා වගේම තමයි මං, කිසි වෙනසක් නැහැ"

"තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ කිව්වට නැත්තෙමත් නෑ මනුල පුචේ.."

"මොකක්"

"මං දැක්කා මනුල පුචේ.. මං දැක්කා..
ඊයේ රෑ ඉදන් මූණ රතු වෙනවා. අද උදෙන්ම නැඟිටලා. ලෑස්තිත් වෙලා ඉවරයි"

මෙහෙමයි ඉතින් එහෙමට උදෙන්ම නැඟිට්ටේ නැහැ නේ. මේ අප්පුවා හින්ට් ගහන්නේ අහිංසකයට.

"පොඩී.. පොඩී.. මං ඇතුළට එනවා"

එළියෙන් ඇහුන මිශෙල්ගේ කටහඬට මනුල අවධානය දුන්නා.

"ආ එන්න අක්කේ ඇතුළට.."

පොඩි කුසට අත තියාගෙන මිශෙල් ඇතුලට ආවා. කෙල්ලගේ අතේ කිරි එකක්.

"ආ මේක බීලා ඉන්න.."

කිරි එක මනුලට දීලා, මිශෙල් රතු අප්පු ළඟට ගියා. ළඟට යන්න ඕන්නෑ රතු අප්පු පියාඹලා ඇවිත් මිශෙල්ගේ අතට වහලත් ඉවරයි.

සකපෝරුවWhere stories live. Discover now