සෝෆා එකේ ඉදන් ඉන්න මනුලගේ ඇස් තියෙන්නේ ලොකු වීදුරු වෝල් එකට එළියෙන් පේන විව් එක දිහාවට.. මනුලට තේරෙනවා සිහින ගාර්ඩ්න් එක වෙනුවෙන් වෙනමම කැපවෙන වග.. සෝෆා එකට පේන විව් එකට කෙලින්ම අහුවෙන්නෙ පොඩියට වෝටර්ෆෝල් එකකින් වගේ වතුර වැටෙන පොකුණකට.. ඒක හරිම සිත් ඇදගන්න ලස්සනක් තියෙන තැනක්..
පොඩි ගල් කණුවල හිට්ටලා තියෙන වෙනස්ම ඩිසයින් වලට ගිය තද රතු මැටියෙන් හදපු Moon Jar වල හැඩ තියෙන මැටි බඳුන් තැනින් තැන පොකුණ වටේට හැඩගන්වලා තිබ්බා.. ඒ මැටි බාජනවල ලස්සන ලස්සන මල් පැළ ජාති වවලා තිබ්බා.. පොකුණට පිටිපස්සෙන් පයිනස් ගස් වලින් ආවරණය වෙලා තිබ්බේ හරියට පොකුණට හෙවණ දෙන්න ඉන්නවා වගේ..
"මල්ලියි නංගියි එන ගමන්.. එකටම කමුනේ අයියේ ?"
පොකුණේ හැඩ කිරලා බල බල හිටපු මනුල සිහිනගේ කටහඬ පැත්තට හැරුණා..
"ඒකට කමක් නෑ සිහින.. එයාලා එක්කම කමු"
දාගෙන හිටිය කෝට් එක සිහින ගැලවලා සෝෆා එක පැත්තකි තිබ්බේ ස්පෙක්ස් දෙකත් පිට අල්ලෙන් හදාගන්න ගමන්.. හරියට රස්නෙයි මේ දවල් දෙක පැන්න වෙලාවට.. මේ වෙලාවට කොහොමත් මනුල ඉන්නේ ඔෆිස් එකේ වුණත් කෝට් එක අයින් කරගෙන.. නෑ නෑ එයා කොහොමත් ඔෆිස් එකේ ඉන්නේ කෝට් අයින් කරලා..
"අයියගේ සම්පූර්ණ නම මොකක්ද ? මට ඒක දැනගන්න ආසයි"
මනුලට ඉස්සරහින් සෝෆා එකේ ඉදගත්තු සිහින ඇහුවා..
"මනුල බිඟුහස් ඒකනායක.."
සිහිනගේ තොල් ලාවට හිනාවෙනවා.. සිහිනට පේන්නෑ මේවා..
"බිඟුහස්.. ඒක හරි ලස්සන නමක්"
"මගේ සීයා පපා තමා ඒක දාලා තියෙන්නේ.. මගේ මමා නම් කිව්වේ සීයා පපා ගොඩ කාලයක් තිස්සේ ඒ නම හිතේ තියන් ඉදලා කියලා.."
"මං අද ඉදන් නයිටිංගේල්ට බිඟුහස් කියලා කතා කරන්නම්.. ඒ වගේ නම් හැමෝටම පොදු නැහැ..ඒ නිසා ලස්සන නමක් අහක දාන එක අපරාදයක්.."
මනුල හිනාවෙනවා.. මහා හයියෙන් නෙවේ. අඩුම තරමේ කටින් , තොල්වලිනුත් නෙවෙයි.. ඇස් වලින්..
YOU ARE READING
සකපෝරුව
Romanceකැළේ තියෙන මැටියෙන් ලස්සන ආර්ට්ස් ඔය අත් දෙකෙන් මවද්දි , සිහිනට බැරිද මගේ ජීවිතෙත් ලස්සන ආර්ට් එකක් කරන්න 🌈️❤️ Start - 2024.08.12 End - ?