"Mr.Manula මෙහෙ"
Aesthetic theme එකකින් හැඩ වෙච්ච මේ කොෆි ශොප් එක මනුලට නුහුරු ශොප් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් සතියට අඩුම දෙපාරක්වත් ඔෆිස් එකෙ ටී ටයිම් එකට මනුල මේ කැෆේ එකට ඇවිත් කැපචිනෝ එකක් තොල ගානවා. කැෆේ එකට ඉස්සරහින් පේන "Players" කියලා ලොකුවට තියෙන අකුරු වලින් හැඬවෙච්ච මහල් දොළහකින් සමන්විත තමන්ගෙ අවුරුදු නවයක මහන්සිය දිහා බලන් කොෆි එකක් තොල ගාන එක මනුලට ගෙනාවේ තවත් ලොකු ආශ්වාදයක්.
මනුල අඩි තිය තිය මිස්ටර් ඒකනායක කෙටියෙන්ම කිව්වොත් මනුලගෙ පපා එයාට කතාකරපු තැනට ගියේ Players Company එකේ CEO විදියට හරිම ඔෆීශිලි. මොකද මෙතන ඉන්නෙ මනුලගෙ පපාවත්, ගෙදර ඉන්න ඒකනායකගේ දෙවෙනි පුතාවත් නෙවෙයි. එක කම්පැණි එකක දෙවෙනි පුරුක වගේම තව කම්පැණි එකක මුල් පුරුක විදිහට.
"Sorry for the late. එකපාරටම මීටින් එකෙ තැන් වෙනස් කලානේ"
මනුලට වෙන් කරලා තිබ්බ පුටුවෙන් ඉදගන්න ගමන් මනුල කිව්වෙ ප්‍රමාද දෝශයට නිදහසට කරුණු පෙන්වන ගමන්.
"මාත් එක්ක මීටින් එකක් තියෙනවනම් වෙලාවට හරි ටයිම් එකට වැඩේ වෙන්න ඕනේ Mr. Manula ඔයාට තේරුණාද ?"
"It's okay ඒකනායක. කොල්ලට බනින්නෙපා"
ඒකනායකට එහා පැත්තෙන් හිටිය බිස්නස්මන් කෙනෙක් කියලා හිතන්න පුළුවන් ටිකක් මැදි වයසෙ පිරිමිකෙනා එහෙම කියද්දි මනුල එයා දිහා විමසිල්ලෙන් බැලුවා.
"No No මිස්ටර් කුරේරා. බිස්නස් ඩීල් එකක් කතා කරද්දි වෙලාවට වැඩ වෙන්න ඕනෙ. මේ excuse එක අදට විතරයි මිස්ටර් මනුලට තේරුණාද ?"
මනුලගෙ පැත්තට ඇඟිල්ලක් දික් කරගෙන කතා කරපු ඒකනායකට මනුල ඔලුව හෙලෙව්වා. විනාඩි දහයක්වත් නැහැ ලේට් වුණේ. දහයක් එව්වා මේ ළමයට කියලත් ඉවරයි.
"මං එහෙනම් මුලින්ම දෙන්නව හඳුන්වලා දෙන්නම්. කුරේ මේ ඉන්නෙ මිස්ටර් මනුල, Players Company එකේ CEO. එතකොට මනුල මේ ඉන්නෙ මිස්ටර් කුරේරා Kurera (pvt) limited එකේ owner. ඒ වගේම අවුරුදු දහයකට වැඩි මගේ බිස්නස් පාට්නර්"
"හෙලෝ මිස්ටර් මනුල"
"හෙලෝ මිස්ටර් කුරේරා. නයිස් ටූ මීට් යූ"
YOU ARE READING
සකපෝරුව
Lãng mạnකැළේ තියෙන මැටියෙන් ලස්සන ආර්ට්ස් ඔය අත් දෙකෙන් මවද්දි , සිහිනට බැරිද මගේ ජීවිතෙත් ලස්සන ආර්ට් එකක් කරන්න 🌈️❤️ Start - 2024.08.12 End - ?