"අයියා ලොකු තැනකින් ඔන්න ඔයාව ආයේ හොයන්න පටන් අරන්"
ලොකු වත්තකින් හෙබි ,අලුත්ම ඩිසයින් එකකට හදපු නිවසෙහි නවතම shiny white colour, Lancer Evalution 7 කාර් එක , ශටර් එක පහත් කරගෙන ගරාජ් එකට දාන, තමන්ගෙ නොවුණු ඒත් තමන්ගෙ වගේ ඉන්න අයියට මල්ලි කිව්වෙ ගොඩක් ආශ්වාදාත්මක ස්වරූපයෙන්.
"කවුද මල්ලි ?"
සන්සුන් ගතිය, ඒ කටහඬේ තියෙන්නෙම තනිකර සන්සුන්කම.. ඒත් ඒ සන්සුන්කම වෙලාවකට එයාටත් නොදැනිම වෙනස් වෙනවා. හරියට.. ඒක එක්කෝ දැන්ම ම ඕන්නෑ වගේ.
"දාර සල්ලිකාරයෙක් අයියේ. ඇයි දන්නෑ පොර ඔයාව හොයන්නෙ"
කාර් එක අන්ලොක් කරලා ගෙට එන්න තරප්පු පේලියට අඩිය තියමින් මල්ලිගෙ කරට අතක් දාගත්තු අයියා ලොකු කතාවකට මුල පුරන්න සැරසුනා.
"ඔය පළවෙනි කෙනා නෙවෙයිනෙ කල්හාර. හොයලා හොයලා හති වැටුණම අනිත් අය වගේම එයත් යන්න යාවි"
කිව්ව දේ පිළිගත්තා වගේ කල්හාර ඔලුව වැනුවා..
"මල්ලි Security එක තර කළානේ"
අයියා කියපු දෙයින් කට කොනක හිනාවක් කල්හාර ඇඳගත්තා. ඒකෙ තේරුම දැනටමත් කොල්ලා දැනගෙන ඉවරයි.
"හැකර් මේ පාරත් ගාණට ඔක්කොම ක්ලියර් කරා අයියා. ඔයාගෙ නමින් තිබ්බ ෆෝස්ට් ඔක්කොම අයින් කලා දාලා පැයක්වත් යන්න කලින්"
"ම්ම්. ඒත් කියන්න බැහැ. කලින් පාර Foreign Country එකක හැකර් කෙනෙක් මාව හොයන්න ට්‍රයි කරලා අන්තිම තප්පරෙන් බේරුණේ"
කොල්ලො දෙන්නගෙම මූණු වල දැන් සීරියස් පෙනුමක්.
"ආයේ එහෙම වෙන්න දෙන්නෑ අයියේ. ඒ තමයි අන්තිම පාර"
"මේ පාර හොයන කෙනා කොයි කෙනෙක්ද ?"
"පොර නම් කොළඹ, තාත්තත් ලොකු බිස්නස්කාරයෙක්. නිකන් නෙමෙයි හෝල්ඩින් එකක් තියෙන්නෙ. ඒත් එයා වෙනම කම්පැණි එකක් කරන් යන්නෙ. ගේම් කම්පැණි එකක්ලු අයියේ. කලින් Exhibition එකේ වර්කර් කෙනෙක් කිව්වා ඔයාව කන්ටැක් කරගන්න එයා ගොඩක් ට්‍රයි කලාලු"
ගෙදර සාලේ කොනක තිබ්බ දිග සෝෆා එකෙන් අයියා ඉදගන්න ගමන් කතාව සාවදානව අහන් හිටියා. කල්හාරත් එහා පැත්තෙන්ම ඉඳගත්තා.
YOU ARE READING
සකපෝරුව
Romanceකැළේ තියෙන මැටියෙන් ලස්සන ආර්ට්ස් ඔය අත් දෙකෙන් මවද්දි , සිහිනට බැරිද මගේ ජීවිතෙත් ලස්සන ආර්ට් එකක් කරන්න 🌈️❤️ Start - 2024.08.12 End - ?