12 වන සකය

676 82 55
                                    

සිහින කිව්ව දේ ගැන ශුවර් නැහැ වගේ මනුල සිහින දිහා බලන් හිටියා.

"ආච්චිට හික්කඬු යන්න.."

"මොකක්ද කිව්වේ බිඟුහස්"

කාර් එකේ ඩිවයිස් මැප් එකේ 'Hikkaduwa galle' කියලා ටයිප් කර කර හිටිය සිහිනට මනුල කියපු දේ ඇහුණේ නැහැ.

"නෑ නෑ මුකුත් නෑ. නංගියි මල්ලියි එතකොට"

"මං කල්හාරට කිව්වා. කෛලාශි ගැන කිව්වොත් නම් එයාට මල්ලි කියයි"

"ඇයි එකපාරටම හික්කඬු යන්න හිතුණේ ?"

"දැන් ඕන තැනක යන් කිව්වා නේද ? ඔයාට බැරි වගේ ඉන්න ආපහු ගේ ඇතුළට යමු"

සිහින කා එකෙන් බහින්න සීට් බෙල්ට් එක ගැලෙව්වා විතරයි මනුල කාර් එක ස්ටාර්ට් කරලත් ඉවරයි.

ඔන්න දැන් යන්නේ කොහෙද කියලා අහපු අයත් යන්න කැමැත්තෙන්ලු..

"ඇයි ඔච්චර නඟින්නේ ?"

"කොහොමත් මට හොඳට නඟිනවා"

"මොනාද ?"

"දැන් බිඟුහස් නඟිනවා කිව්වේ මොනාට ද ? අන්න ඒ දේ තමයි මටත් නඟින්නේ"

"ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වේවි එහෙනම්"

"නඟින එක ප්‍රශ්නයක් කිව්වේ කවුද ? නඟින් නැත්තන් තමයි ප්‍රශ්නේ. එතකොටයි ට්‍රීට්මන්ට්ස් ගන්න ඕන.."

"ප්‍රෙශර් නඟින එක ප්‍රශ්නයක් තමයි සිහින. කොයි වෙලේ නහරයක් පුපුරයිද කවුද දන්නේ ?"

"ආ ප්‍රෙශර්. ඒවා නඟින්නේ මට ගාණකට. බය වෙන්න දෙයක් නෑ"

දැන් එතකොට සිහින මෙතන කිව්වේ මොන නැඟීමක් ගැනද ?? සමහර විට.. නෑ නෑ සිහින ඒ දේ ගැන නෙවෙයි කිව්වේ.. මනුලගේ හිත කියවනවා.

"හයිවේ යමු. අදම එන්නද මේ ගමන යන්නේ ?"

"හෙට ඔෆිස් දවසක්නේ ප්‍රශ්නයක් නැහැ ද ?"

"ආ ඒක අවුලක් නෑ ළමයෝ.. මමනේ එතන බොස්"

"එහෙනම් හෙට දවල්ට වගේ ආයේ එමු.."

දැන් මුන් දෙන්නා මේ ලව් කරනවද ?? ලියන මටත් ප්‍රශ්නයක් ඒක..

"Super Market එකකින් නවත්තන්න"

සකපෝරුවWhere stories live. Discover now