VIP හොටෙල් රූම් එකේ තියෙන ලොකු බිත්ති ඔරලෝසුවේ කටු තුන රෑ කෑමෙන් අනතුරුව වට ගණන් කැරකිලා අහවරයි.. එකේ කණිසමෙන් පාන්දර දෙකේ කණිසමට යන්න ඇත්තේ විනාඩි පහක වෙනසක් පමණි.. නමුත් කාමරයේ අයිනකට වෙන්න තියෙන රවුම් මේසයෙහි පොඩි කොෆි පොතක් තියාගෙන මනුල ලියනවා ලියනවා ලියනවා නොනැවතීම.. ලිවිල්ල කොච්චරක්ද කියනවා නම් කොල්ලගේ නින්ද අද අහලකවත් නැහැ..
මනුලගේ ඉංග්‍රීසි වැල් අකුරු වලින් එක පිටුවක් අහවර වෙද්දි තව පිටුවක් පටන් ගන්න මනුලගේ දැන් අතත් රිදෙනවා.. අනේ ඉතින් මේ දේවල් කොල්ලා කවදා කරපු දේවල්ද ? ඇරත් මේ කොල්ලා කියන එක කරන්නේ මොකටද ?
කණ්ණාඩි දෙක මහපොට ඇඟිල්ලෙන් පස්සට කරගන්න ගමන් මනුල බැලුවේ ඇඳ උඩ නිදාගෙන ඉන්න සිහින දිහා.. දකුණත නළල උඩටත් අරගෙන අනිත් අත බඩ උඩ තියාගෙන කොල්ලා ඉන්නේ කිසි දෙයක් දන්නේ නැති දරුවෙක් වගේ..
"ආං.. මට ගෙදර වැඩ දීලා පොඩි සර් සැපට නිදි.."
සිහින දිහා බලාගෙනම මනුල හිමින් මිමිණුවා.. ටිකක් වෙලා සිහින දිහා බලන් හිටිය මනුල ආයේ තමන්ගේ ගෙදර වැඩ වෙනුවෙන් අවධානය යොමු කෙරුවා.. නැවතත් වැල් අකුරින් කියවෙන ඉංග්‍රීසි වචනය.. එකම වචනය නැවත නැවත ලියවෙනවා.. ආයේ මනුලට ජීවිතේට මේ වචනය අමතක කරන්නේ නැතිවේවි.. අකුරු පහේ පොඩි වචනේ පිටු ගණන් ලියන්න වෙයි කියලා කවුද හිතුවේ..
අන්තිම පිටුවේ අන්තිම පේළියත් අහවර කෙරුව මනුල නැඟිටලා සිහින ඉන්න තැනට ගියා.. පුර පසළොස්වක පොහොය දවස එන්න එන්න ළඟ නිසා හඳෙන් හරි අඩක්ම කළු අහසම එළිය කරන් ඉන්නවා.. ඒ හඳ එළිය කොච්චරද කියනවනම් වීදුරු වෝල් එකෙන් තනිකරම රූම් එක ඩැහැගෙන ඉවරයි.. පැත්තක තියෙන බ්ලැන්කට් එක අරන් සිහිනට පෙරවන්න යද්දි,
"අහ්!! බ්ලැන්කට් පෙරෙව්වම නැඟිටිනවා කිව්වා නේද ?"
කෛලාශි එදා කියපු දේ මනුලට ආයාසයක් නැතිවම මතකයට ආවා.. සිහිනට බ්ලැන්කට් පොරවන්න බැහැ.. සිහින ළඟට පහත්වෙලා මනුල සිහිනගේ මූණට වැටිලා තියෙන කොණ්ඩ කෑල්ලක් හීන් සැරේ අයින් කෙරුවා.. මල්ලිගෙයි නංගිගෙයි ඉස්සරහා ඉන්න සන්සුන් චරිතය මනුල ඉස්සරහදි කටකාර චරිතයක් වෙන විදිය මතක් වෙලා මනුලගේ කට කොනේ හිනාවක් ඇඳුණා..
YOU ARE READING
සකපෝරුව
Romanceකැළේ තියෙන මැටියෙන් ලස්සන ආර්ට්ස් ඔය අත් දෙකෙන් මවද්දි , සිහිනට බැරිද මගේ ජීවිතෙත් ලස්සන ආර්ට් එකක් කරන්න 🌈️❤️ Start - 2024.08.12 End - ?