Chap 02
දොළහේ කනිසම....වදිනවත් එක්කම ඇහැරුනු මම දේවස්ථානේට කිට්ටු වුනා...තාප්පෙන් පැනලා ඇතුලට ආපු මම මුරකාරයා ඉන්න පැත්තට හොම්බ දාලා බැලුවා...යා යා එයා නිදි...පත්තු කරපු ලාම්පුවක් යටට ගිහින් සිතියම දිග ඇරලා බැලුවා...හරි ..ඔන්න එහෙනම් මේ බටේ දිගේ උඩට ගියෝත් වහලට යාගන්න පුලුවන් ...
අත් දෙකටත් කෙල චුට්ටක් ගහලා ගසලා ගත්ත මම බටේ දිගේ උඩට බඩ ගෑවේ නියපොතුවලට බටේ හිරිලා යනකොට...කොහොම හරි උඩටම ආපු මම වීදුරු වහලේ ළඟ නතර වෙලා ඇතුල බැලුවා...පල්ලියේ කවුරුවත් නෑ...පත්තු කරලා තියෙන ඉටිපන්දම් ඇරෙන්න...ඒවත් දැන් බාගෙට දැල් වෙලා ඉවරයි...දේවස්ථානේට එහා පැත්තේ පියතුමන්ලාගේ නවාතැන්පල...ඒ වහලෙන් අනිත් පැත්තට පැනගන්න පුලුවන් වුනොත් එහා පැත්තේ පිටිපස්සට වෙන්න තියෙන ආරුක්කුවට නැගගන්න පුලුවන්...
YOU ARE READING
⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Random✅Completed... "කෝ කොහේද නාසා..?" "උඹ කිව්ව විස්කි පූසා..!!!" Start date:2024/08/08 End date:2024/08/29