⚕️chapter 03🧶

26 6 2
                                    

Chap 03

හිස් වෙලා තිබුනු භාණ්ඩාගාරෙ පුරාම තිබුනේ සුදු සේද රෙදි වලින් වහලා තිබුනු සිතුවම් වෙද්දි ඒ දිහා මං බලන් හිටියේ රන් කාසි මල්ලක් වෙනුවට වැඩකට නැති චිත්‍ර ගොඩක් දැක්කම පිස්සු හැදුන මංකොල්ලකාරයෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිස් වෙලා තිබුනු භාණ්ඩාගාරෙ පුරාම තිබුනේ සුදු සේද රෙදි වලින් වහලා තිබුනු සිතුවම් වෙද්දි ඒ දිහා මං බලන් හිටියේ රන් කාසි මල්ලක් වෙනුවට වැඩකට නැති චිත්‍ර ගොඩක් දැක්කම පිස්සු හැදුන මංකොල්ලකාරයෙක් වගේ...මේ චිත්‍ර හොරකම් කරලා මොනවාගන්නද...වටින දෙයක් තිබ්බා නම් එකයි...

මුමුණ මුමුණ මම ගියේ කුමාරයා ඉන්න ඕන කාමරේට...කෙලින්ම දොර ඇරන් ගියොත් අහු වෙන හින්දා එහෙන්ම බරාදය දිගේ උඩට ගියපු මම ඉටිපන්දම් එල්ලලා තිබුනු පහන කොනෙක එල්ලිලා උඩට එල්ලලා තිබුනු තිරරෙද්දේ එල්ලුනා...මේවා සේද රෙදි...හරිම සිනිදුයි...උඩ වහල දිගේ බඩ ගාපු මම කුමාරයාගේ කාමරේ ගාව ජනෙල්වලට කිට්ටු වුනා...හෙමිට ඔලුව දාලා බැලුවා..ලාවට පත්තු වෙන ඉටිපන්දම් එලියෙන් කාමරේ එලිය වෙලා තියෙද්දි මං හිමිට කාමරෙට අඩියක් තිබ්බා...

කබඩ් හිමිට අරින ගමන් මං බැලුවේ වටින මොනවාහරි තියෙනවද කියලා හොරකම් කරන්න මෙලො ලබ්බක් නෑ...ලාච්චු සේරම බලපු මම කුමාරයා නිදාගෙන ඉන්න ඇද ලගට කිට්ටු කරා..හෙමිට පොරවනේ ඇදලා ගත්ත මං දැක්කේ කුමාරයා නැතුව කොට්ටයක් විතරක් තියෙන ඇදක්...කෝ දෙයියනේ කුමාරයා....

ඒත් එක්කම වගේ මගේ සූක්ෂ්ම කන අවදි වෙලා මං හැරෙනකොටම කන ලගින් මොකක්හරි වේගෙන් ගිහින් බිත්තියේ වැදුනා...දෙයියනේ සාන්ත පීතර පිහියක් ඒ...තව ඩිංගෙන් මලා... මං ඒ පැත්ත හැරිලා බැලුවා...තිර රෙදි අස්සේ කවුරුහරි ඉන්නවා කියලා මට තේරුනා...හිමිට හිමිට ඉස්සරහට එන අඩි දිහා මමත් එක එල්ලේ බලන් ඉන්න ගමන් පොකට් එකේ තිබුනු පිහිය අතට අරන් දෙපාරක් තුන්පාරක් පැත්තට කරකවලා ඉස්සරහට දික් කරේ අත් දෙකත් මිටි මොලවන් ඉස්සරහට කරන ගමන්.....

⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️ Where stories live. Discover now