⚕️chapter 20🧶

35 5 7
                                    

Chap 20

අහ් දේදුන්නක් වගේ පාට පාට තීන්ත නාගෙන ඉන්න මං දිහා හැමෝම බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අහ් දේදුන්නක් වගේ පාට පාට තීන්ත නාගෙන ඉන්න මං දිහා හැමෝම බැලුවා......දුව දුව හිටපු අනිත් වුන් ටිකත් නැවතිලා මං ගාවට ආවා...
"ඇයි නතර වුනේ චියාගෝ ...
මං ලගට ආපු සීරෝ මට අත දෙන ගමන් මාව නැගිට්ටෙව්වා...

"දෙයියනේ ලූසි ආච්චව අමතක වුනානේ..."

"දෙයියෝ සාක්කි..... !!!!!"

"ලූසි ආච්චි ඇත්තේ කුඩාරමේ...."සීරෝ කිව්වේ ඔලුව කහන ගමන්......

"නෑ මං ගිහින් බැලුවා....එහේ අය කිව්වා ඔයාලා හැමොම චාර්ලි මහත්තයාගේ ගෙදර කියලා...." 

"ලූසි ආච්චි පුස්තකාලේ ඉන්න රූබට්ව හම්බ වෙන්න ගියානේහ්.."මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය කීරෝ කියනකොට මල පැනපු සීරෝ කීරෝගේ පිට මැදට ඩෑස් එකක් දමලා අත ඇරියේ හිතක් පපුවක් නෑ වගේ...

"බූරු හරකා දැන්ද යකෝ කියන්නේ....සියුස්ට හාල් ගරන්න... "

අපි හතර දේනාම පුස්තකාලේ ඇතුලට රින්ගුවා.....පොත් රාක්කයක් අයිනේ පොතක් කියව කියව ඉන්න ලූසි ආච්චිව අපිට හම්බ වුනා....

"දෙයියනේ ලූසි ආච්චි ...!!!!!"

මීයට පිම්බාක් මෙන් තිබුනු පුස්තකාලේ ඇතුලේ අපේ සද්ද දෝංකාර දෙනකොට....කොස්සකුත් අතේ තියන් අපේ පැත්තට ආවේ...පුස්තකාලේ අස්පස් කරන මේරි නෝනා....කරකියා ගන්න දෙයක් නැතුව අපි දෙගෝල්ලෝ මේරි ආච්චිගෙන් කොසු මිටෙන් බේරෙන්න එහෙට මෙහෙට පනින කොට උඩ රාක්කෙන් බිමට පැන්න ලූසි ආච්චි ජනෙල් කවුලුවෙන් පැනලා බේරුනා...ඇතුලේ හිටපු අපිත් කෝමෙන් කෝම හරි රිංගලා එලියට ආවත් කොයි වෙලෙත් කෑම ගිලලා තඩි වුනු නීරෝව කවුලුවේ හිර වුන නිසා කොසු පාරක් නීරෝට කන්න වුනා...

⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️ Where stories live. Discover now