"මිස් හේමා... එන්න එන්න.. අපි මේ ඔයා ගැන කතා කළේ?" හේමමාලිනි කැන්ටිම වෙතට ඇවිදගෙන ගියේ කෝපි කෝප්පයක් පානය කිරීමටයි. ඔහුගේ රසවත් කෝපි තරමටම කැන්ටිමේ කෝපි රසවත් නොවූවත්, හිස කෙලින් කරගෙන වැඩ කරගැනීමට තරම් එය ප්‍රමාණවත් විය.
භෝජනාගාරයේ කොනක කල්ලි ගැහී සිටී තම කන්ඩායමේ පිරිස ඇයව ඇමතුවෙන් හේමමාලිනි ඔවුන් වෙතට ගියේ තරමක කුතුහලයෙනි.
ඇයට අසුනක් ද ලැබුණෙන් හේමමාලිනි කරුණු විමසා බැලීමට පෙර අසුන්ගත්තාය.
"මිස් හේමමාලිනි අපිට නොකියාම මැරි කරලා ලු නේද?" ගයාන් පැවසුවෙන් හේමමාලිනි හිස ඔසවා බැලුවේ ධනංජය දෙසයි. ඔහු තම එක් අතකින් කනක් මිරිකා ගනිමින් සමාව අයැදුවත්, හේමමාලිනි ඔහුට පා කළේ තදබල රැවීමක් පමණකි. ඉතිං දැන් සතිගාණක් කතා නොකර සිටීමට ඇය මේ හේතුව අල්ලගන්නා බව ඔහු හොඳින්ම දත්තේය.
"ඔව් ඉතිං... මැරි කරන්න කාගෙන්වත් අවසර ඕනේ නෑනේ.., මට දහ අට පැනලානේ" හේමමාලිනි මවාගත් සිනාවකින් පැවසුවේ උපහාසාත්මක බැල්මක් පිරිස වෙතට හෙළමිනි.
"ඒත්.. මිස් හේමා, අර එදා කේක් එක අරගෙන ආව බේකරි මනුස්සයාව නේද ඔයා මැරි කරලා තියෙන්නේ? මට නම් විශ්වාස කරන්නත් බෑ මිස් හේමා වගේ කෙනෙක් ඒ වගේ කෙනෙක්ව මැරි කළා කිව්වාම" අශිනි පැවසුවේ තම කොන්ඩයත් 'ස්ටයිල්' එකට හදමිනි.
"මං වගේ කෙනෙක්?"
"නෑ ඉතිං.. මිස් හේමා කියන්නේ පොෂ් ගර්ල් කෙනෙක්නේ.. ඒ වගේ ගොඩයෙක්ව මැරි කරයි කියලා හිතන්න බෑනේ..." අශිනි ලබාදුන් පිළිතුර හේමමාලිනිව කෝපයට පත් කළත් ඇය කිසිවක් නොපවසා ඉවසා සිටියාය.
"ඇත්තටම ඇයි මිස් හේමා ඒ වගේ කෙනෙක්ව මැරි කළේ?" ගයාන් නම් තරුණයා නැවත වතාවක් විමසුවේය.
"ඒකනේ මිස් හේමා.., ඔයා වගේ සමාජේ නමක් තියෙන රස්සාවක් කරන කෙනෙක් ඒ වගේ බේකරිකාරයෙක්ව මැරි කරලා හරියනවද?" ජනාධි ද විමසුවෙන් හේමමාලිනිගේ කෝපය පුපුරා හැලෙන්නට විය.
"කටවල් වහගන්නවලා! ඔය කටවල්වලින් ආයේ ඔය වගේ දෙයක් කිව්වොත් මම දත් ටික කඩලා දානවා!! තමුසෙලා කොහොමද ඔහොම කතා කරන්නේ ආහ්!! ඒ මගේ හස්බන්ඩ්!! මගේ!!! එයාට, ආයේ තමුසෙලා එක වචනයක් හරි කියලා තිබුණොත් තමුසෙලා මගේ ඔෆිස් එකේ මාත් එක්ක එකට වැඩ කරන උන් කියන එකත් මම අමතක කරලා දානවා!!"
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
Romanceදැන්ම කියන්න, ආදරේ නම්. Start : [2024|06|01] Cover designed by @JINius_MooN