34

111 11 0
                                    

"මොකද ඔරවන්නේ?" රක්ෂිත් ඇයට රැව්වේ කොපයෙනි. හේමමාලිනි ද ඔහුට ඔරවමින්ම සයනය මතම දෙකකුල් නවාගත්තාය.

"හැමදාම කියනවා පරිස්සමට කා එක ඩ්‍රයිව් කරන්න කියලා... මතකනේ පලවෙනි දවසේ.. මම හිතුවේ එදා කලබලෙන් හිටිය නිසා කියලා. නෑ! තියෙන කලබලේනේ. පුරුද්ද ලොකුයි ඔක්කෝටම වඩා!" ඔහු ඇයට බැන වැදුනු අතර මොහොතකට නිහඬවූයේ හෙදියක් පැමිණී නිසාවෙනි.

"නර්ස්.., මෙයාට අමාරුවක් නෑ නේද?" මෙවර රක්ෂිත් හෙදියගෙන් විමසුවේ පෙරදී සිටියේ කෝපයෙන් ද යන්න බව පවා අමතක කරමිනි.

"නෑ සර්... රිපෝට් ටික ආවාම ඩොක්ටර්ව මීට් වුණාම ඩිස්චාර්ජ් කරයි මිස්ව" හෙදිය පැවසුවේ හේමමාලිනිගේ උණ පරීක්ෂා කරමිනි. "මිස්ට පේන් එකක් දැනෙනවා නම් ඩොක්ටර්ට කියන්න" හෙදිය එලෙස පවසා යන්නට ගියාය.

"හේමා... කොහෙවත් රිදෙන්නේ නෑ නේද?" රක්ෂිත් විමසුවේ ඇයගේ නළලත වූ තුවාලය සෙමෙන් පිරිමදිමිනි. කුඩා ප්ලාස්‍ටරය මත ඔහුගේ අතැඟිලි ප්‍රවේසමට යද්දී හේමමාලිනි තම දෙනෙත් පියාගත්තේ නෙතු කඳුළින් පිරෙද්දීයි. ඉතිං මෙතරම් සැලකිල්ලක් ඇයට කෙදිනකවත්, කාගෙන්වත් ලැබී තිබුණේ නැත. පෙරදී ඔහු බැන වැදුනත්, ඒ තමාගේම හොඳට බව ඇය දැන සිටියාය. නමුත් අද දින අශිනි රක්ෂිත්ට එතරම් අපහාසාත්මක අයුරින් කතා කරද්දී තමාට ඔහු වෙනුවෙන් නැගී සිටීමට බැරිවීම ගැන ඇය හදවතින්ම පසුතැවිලි වූවාය. දුකක්, වේදනාවක් මෙන්ම තමා පිළිබඳව ආත්ම අනුකම්පාවක් දැනුනෙන් ඉතිං ඒ කඳුළු පාලනය අසීරු විය.

දෙනෙත් වසා සිටියත් ඒ එකතු වූ කඳුළු කැට ඇයගේ දෙකොපුල් පුරාවටම ගියේ රක්ෂිත්ව කලබල කරමිනි.

"හේමා.., ඇයි ළමයෝ මේ... ඔළුව රිදෙනවද? දෙයියනේ... හේමා.., මාව බය නොකර කතා කරනවා!! ප්ලීස් හේමා" රක්ෂිත් ඇයගේ හිස පිරිමදිමින්ම ඒ වත තමා දෙසට හරවාගෙන පැවසූ අතර, හේමමාලිනි ඉකි ගසමින්ම තම හිස තබාගත්තේ ඔහුගේ පපුවටයි.

"ස්සො...රි... රක්..ෂි....ත්" වෙව්ලන දෙතොල් අතරින් මිමිණුනේ එයයි.

"ඇයි හේමා මේ...? ඔයා ආයෙත් මොකක්හරි අවුලක ද? ප්ලීස්, මට කියන්න. මම දන්නවා මම ඉන්නේ ඔයාට උදව් කරන්න පුළුවන් විදිහේ ලොකු පුටුවක නෙවේ. ඒත් මට පුළුවන් ඔයාව අහගෙන ඉන්න..." ඇයගේ හිස සීරුවට පිරිමදිමින් ඔහු මිමිණුවේය. ඉතිං ඇයගේ ඉකිලෑම තවත් වැඩි කිරීමට ඔහුගේ මේ වදන් සමත් විය.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now