දෙව්දාර් බැල්කනියේ සිට කුටියට පැමිණියේය. දැනුනු රස්නය නිසාම ඔහු තම ටීෂර්ටය ගලවායි බැල්කනියට වී මොහොතක් ගත කළේ. නමුත් ඔහු කුටියට පැමිණී මොහොතේම ගල් වූයේ, එතරම් වේලාවක් කුටියෙහි නොසිටී දෙව්දාරා එහි සිටී නිසාවෙනි.
ඇය සිටියේ දිගු දුරකතන ඇමතුමක බව දෙව්දාර් හට දක්නට ලැබිණ. ඔහු ඉක්මනින්ම තම උඩුකය වසා ගැනීමට කමිසයක් සෙව්වත්, එක්වරම ඔහු දෙසට හැරුණු දෙව්දාරා ඔහුට අතින් සන් කළේ පෑනක් සොයා දෙන ලෙසයි.
වැදගත් දුරකතන ඇමතුමක් සමඟින් කාර්යබහුලව සිටී දෙව්දාරා හදිසියට ඔහු සිටින්නේ උඩුකය නිරුවතින් බව ග්රහණය කරගත්තේ නැත.
දෙව්දාර් ඉක්මනින්ම පෑනක් සොයාගෙන දෙව්දාරාගේ කරා ගියේ, ඇය දුරකතනයේ සිටී තැනැත්තාගෙන් මිනිත්තුවක් කාලය ඉල්ලද්දීයි.
"පොඩ්ඩක් ඉන්න මිස් දුලීකා.." දෙව්දාරා එලෙස පවසා අනෙක්පස හැරෙද්දීම, ඇයගේ දෙනෙත් විසල්වූයේ ඒ දෙනෙත් අද්දරම උඩුකය නිරුවත් ව සිටී දෙව්දාර් නිසාවෙනි. මොහොතකට හදවත වේගයෙන් ගැහෙද්දී දෙව්දාරා ඔහු දෙසම බලාන වුන්නේත්, ඔහු ඈ දෙසම බලාන වුන්නේත් එකම හැඟීමකිනි.
"හෙලෝ....? මිස් දෙව්දාරා?" දුරකතනයේ සිටී තැනැත්තාගේ බාධාව නිසාම දෙව්දාරා එක්වරම පියවි සිහියට පැමිණී අතර, ඇය ඔහු අත වූ පෑන උදුරාගත්තාය.
"හරි ද එහෙනම් ලිස්ට් එක ලියාගන්න මිස් දෙව්දාරා" දුරකතනයේ අනෙක්පස වූ පුද්ගලයා එලෙස පවසා එක්වරම දරුවන්ගේ නම් ලිස්ට් එකක් කියවාගෙන යන්නට වූවෙන් දෙව්දාරා හට කොලයක් සොයාගැනීමට වේලාවක් නොවීය. එක්වරම දෙව්දාර් දෙස බැලූ ඇය, ඔහුගේ පපුව තම කොලය කරගත්තාය.
"ටිටිනි සේෂාරා?" දෙව්දාරා සමහර නාමයන් නැවත නැවත අසමින් ලිවීමට වූ අතර, දෙව්දාර් නම් සිටියේ තරමක අපහසුවෙනි. තම පපුවෙහි සිට කුස දක්වාම දික් වූ දෙව්දාරාගේ නාම ලේඛනය ඇය සීරුවට ලියමින් සිටියාය. පෑන් තුඩ තම සංවේදී සමෙහි වැදෙද්දී, ඔහු දෙනෙත් පියාගත්තේ මුළු සිරුරම ඒ ස්පර්ශයෙන් රතුවද්දීයි.
"හරි මිස් දුලීකා.., මම මේ ටික බලලා කතා කරන්නම්කෝ ආයෙම" දුරකතන ඇමතුම නිම විය. දෙව්දාරා දෙව්දාර්ගේ අතකින් රැගෙන සයනය මතට ගියේ කතාවකින් තොරවය.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
Romanceදැන්ම කියන්න, ආදරේ නම්. Start : [2024|06|01] Cover designed by @JINius_MooN