33

103 10 0
                                    

"හර්ෂනී ටේබල් එක පොඩ්ඩක් බලන්න"

"අරූෂ බැලූන්ස් ටික එල්ලන්න අනේ... කෝ අර කේක් එක? කොහෙන්ද අප්පා ඒක ඕඩර් කළේ?"

හේමමාලිනි බලා සිටියේ තම කාර්‍යාලයේ සියලු දෙනාගේම කලබලය පිළිබඳවයි. අද කාගේ හෝ උපන්දිනයක් වන්නට ඇති. තමාගේ මතකයේ එවැනි දෙයක් නැතිය.

"මොකද ධනා මේ?" තමා අසලින්ම ඇවිදගෙන යන ධනංජයව නවතා හේමමාලිනි විමසුවා.

"ජනාධිගේ බර්ත් ඩේ එක ලු නේ.. දන්නැද්ද ඉතිං.. පොඩ්ඩක් සමරනවා.." ධනංජය පිළිතුරු බැන්දේය.

"ඔයත් එන්න මිස් හේමා...." හේමමාලිනිට ද තරුණියක් කතා කලෙන් ඇය ද තරමක් අකැමැත්තෙන් වුවත් ඔවුන්ට උදව් වූයේ බැලුම් ගැටගැසීමටයි.

"කෝ අනේ කේක් එක??" මේ නම් අශිනි එලෙස විමසුවේ කීවෙනි පාරට ද මන්දා.

"මිස්..., කේක් එක?" එක්වරම ඔවුන් සිටී තැනට පැමිණී අයෙක් එලෙස විමසුවෙන්, හේමමාලිනි තම පසුපස හැරී බැලුවේ එම කටහඬ අතිශයින්ම හුරුපුරුදු වූ නිසාවෙනි. 

"රක්ෂිත්!?"

හේමමාලිනි විසල් කරගත් දෙනෙත්වලින්ම ඔහු දෙස බැලූ අතර, ඔහු සිහින් සිනාවක් ද සමඟින්ම ඇය දෙස බලා සිටියේය.

"ඔතන බලාගෙන ඉන්න නෙවේ මනුස්සයෝ... ඉක්මනට ඕක අරගෙන එනවා...!" අශිනි කෑ ගාන්නට වූවෙන් රක්ෂිත් ඉක්මනින්ම හේමමාලිනිව පසුකොට ගොස් ඔහු ගෙනා රසම රස කේක් ගෙඩිය මේසය මතින් තැබුවේය. තරුණියන් කීපදෙනෙක්ම කේක් ගෙඩිය වටකරගත් නිසාවෙන්, රක්ෂිත් ඉන් ඈත් විය.

හේමමාලිනි බලා සිටියේ ඔහු දෙසමයි.

"තෑන්ක්ස්.." අශිනි එපමණක් පවසා රක්ෂිත්ට පිටුපා කේක් ගෙඩියෙහි ඉටිපන්දම් ගසන්නට වූ අතර, රක්ෂිත් තවමත් නොයාම බලා සිටියේය.

"යන්නැද්ද තමුන්?" ඔහු සිටින අයුරු දුටු අශිනි නැවත වතාවක් තරමක් සැරෙන් පැවසුවේ. හේමමාලිනි ඉදිරියට පයක් තැබුවේ කෝපයෙනි.

"මිස් බැලන්ස් එක?" රක්ෂිත් හඬ නැගුවේ එවිටයි.

"අශිනි!!" හේමමාලිනි අශිනිව ඇමතුවේ කෝපයෙනි.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now