- part 16 -

25 3 0
                                    

ඔන්න අපි ආවා..ඔයා මේ තැනට කැමතියි නේද ජන්කුක්..

අහ් ඔව් ඔව්..මන් කැමතියි සර්..

"මන් අකමැති උනත් ඒ මූනේ හිනාවට බාදා කරන්න ඕනි නැති නිසා මන් මගෙ අකමැත්ත එයාට පෙන්නන්නෙ නැතුවම බයික් එකෙන් බැස්සා."

එන්න අපි යන්..

"එයා මගේ අතින් අල්ලගෙන මාවත් එක්කන් ඉස්සරහට ඇවිදන් ගියා..මෙතන ගොඩක් කපල්ස් ඉන්නව..හැමෝම වගේ ඉන්නෙ සතුටින්..සමහර අය බෙන්ච් වෙල වාඩි වෙලා ඉද්දි තව සමහර අය මල් දිහා බල බල සතුටු වෙනව..ඇත්තටම ඒක හරි අමුතුයි.මල් වලට පුළුවන් ද කෙනෙක්ගෙ මූනට හිනාවක් ගේන්න.."

ඔයා මීට කලින් මෙතනට ඇවිල්ල තියෙනවද සර්..

ඔව් ජන්කුක්..මන් ඇවිල්ල තියෙනව..ඒත් මන් ආපු හැම දවසකම මන් ආවෙ තනියම..ඒත් අද---

ම්ම්ම් රෝස පාට පුලුන්..

රෝස පාට පුලුන්..කෝ..කොහෙද ජන්කුක්..

මන් කියන්න ගිය දේත් නවත්තලා බැලුවෙ ජන්කුක්ගෙ ඇස් නැවතිලා තියෙන දිහා...එයා ඇසුත් බෝල කරන් අපි ඉන්න තැනින් ටිකක් එහාට වෙන්න වගේ නවත්තලා තිබුන සීනි රැවුලු විකුනන කරත්තයක් දිහා බලන් ඉන්නව..සීනි රැවුලු ම්ම් මාත් ආසයි ඒව කන්න..

ඔයා මෙතනම ඉන්න ජන්කුක්..

මන් එයාට එහෙම කියලා ආවෙ සීනි රැවුලු ගන්න..

අන්කල් මට රෝස පාට සීනි රැවුලු දෙකක් දෙන්න..

මන් එහෙම කියල සල්ලි දෙද්දි ඒ මනුස්සයා මට නෝන්ඩියට වගේ හිනාවක් දාලාම සල්ලි ගත්තා..

ආ මෙන්න මහත්තයා ඔයාගෙ සීනි රැවුලු දෙක..

හහ්..මේ මනුස්සයන්ටත් හිනාවෙන්න කෙනෙක්ගෙ වචනයක් තිබ්බත් හොදටම ඇති...

මන් ඒ මනුස්සයට හිතින් බැන බැනම ආවෙ ජන්කුක් ලගට..

ආ මෙන්න ගන්න සීනි රැවුලු..

ආහ්..මොකක් සීනි රැවුල..

එයා මන් දිහා බලාගෙන හයියෙන්ම හිනා වෙනව..හරි වැඩක් නෙ මේක..ඇයි හැමෝම ඒකට හිනාවෙන්නෙ..

නුඹ නිසා...♡(ongoing)Where stories live. Discover now