ඒ එක්කම දොර පැත්තෙන් ඇහුන කටහඩට හොබී දුවගෙන ගියේ ඒ පැත්තට..
යුන්ගි උඹ.
හොබී.
උඹල දෙන්න ඒ කාලෙ ඉදන් මට බොරුව නේද කරල තියෙන්නෙ.කියපන් මට.
සන්සුන් වියන් මන් පැහැදිලි කරන්නන්.
මැරිච්ච එකෙක් කොහොමද යකො මෙ මගෙ ඇස් ඉස්සරහ ඉන්නෙ දැන්.
පොඩ්ඩක් සන්සුන් වියන් හොබී.උඹ නොදන්න දේවල් ගොඩක් තියෙනව.මන් උඹට එ සේරම කියන්නම් බන්.ඒත් ඊට කලින් මට ටේයුන්ව බලන්න ඕනි.
යුන්ගි දුවගෙන ගියේ ටේයුන්ව බලන්න.තමන්ගෙ යාලුවා ඉන්න විදිහ දැක්කම යුන්ගිගෙ පපුවට දැනුනෙ ගොඩක් ලොකු වේදනාවක්.
ඌ බීල තියෙන බ්රෑන්ඩ් එකේ හැටියට ඇහැරෙන්න ගොඩක් වෙලා යයි.
මූ තනියම මෙ බෝතලේම බීලද බන්.මූව තියන්න වටින්නැනෙ යකො.නැගිටපන්කො උඹ..
මෙ අහපන්..උඹ දන්නවද උඹ මැරුන කියල මට ආරන්චි උනාම මන් කොච්චරනම් ඇඩුවද කියල.
අනේ මට සමාවෙයන් බන්.මන් මෙහෙම මැරුන එකෙක් වගේ ඉන්නත් ලොකු හේතුවක් තියෙනව.
හරි උඹ දැන් මට අකුරක් නෑර ඇත්ත කියපන් යුන්ගි.
ලොකු හුස්මක් අරන් පහලට දාපු යුන්ගි කියපු දේත් එක්ක හොබී එකපාර ශොක් උනා.
ටේගෙ අම්ම නැති උනා බන්.
මොකක්..ආන්ටිට මොනාද බන් උනෙ.එ මනුස්සය හොදට හිටියනෙ.
ඔව් ආන්ටි ගොඩක් හොදට හිටිය බන්.
උඹ මෙ මොනාද කියවන්නෙ බන් මගෙ ඔලුවත් රිදෙනව.මට හරියට තේරෙන්න කියපන් බන්.
ආන්ටි නිකන් මැරුනෙ නැ ආන්ටිව මැරුව.ඒකත් ටේයුන්ගෙම තාත්ත බන්..
මීට අවුරුද්දකට කලින් හරියටම මේ වගේ දවසක රෑවෙලා ටේයුන් එක්ක මාත් උගෙ ගෙදර ගියා.අපි යද්දිත් ආන්ටියි අන්කලුයි මොකක් හරි දේකට රන්ඩු වෙනව.අපි යද්දිම එ මිනිහ අපෙ ඇස් ඉස්සරහම ආන්ටිව පඩිපලෙන් පහලට තල්ලු කරා බන්...අන්තිමටම ආන්ටිට උනේ එයාගෙ අන්තිම හුස්මත් තමන්ගෙම පුතාගෙ අත් දෙක උඩ ගන්න බන්..
YOU ARE READING
නුඹ නිසා...♡(ongoing)
Fantasía" ආදරය " ඒ අකුරු හතරෙ තේරුම මට ඕනවටත් වඩා කියා දීපු ඔයාව මන් කොහොම අමතක කරන්නද?