.
.එත්...ඊලගට...
එතන තිබ්බ මේසෙට බෝතලේ හයියෙන් තියන සද්දෙට මන් ඇත්තටම ගැස්සිලා ගියා...
ඊලගට පර්ස් එක ඇද්ද එයා රුපියල් 1000ක් අරන් ලහිරුවට දිලා මගෙ අතින් අල්ලන් එතනින් ඇදගෙන යන්න ගියේ අපෙ වුන් කට ඇරන් බලාන් ඉන්නකොට
ඕ ඕ යන ගමන් මන් බෙරගන්න වගේව් බැල්මට් එකක් මුන්ට දැම්මට මුන්ව බේරගන්න යන්න තමා මට වෙන්නේ වුන් එච්චරකට කොම්පෝස්ට් (confused) වෙලා...
අහ්හ්හ් . දැන්නම් මට ඩික්ටේසන්....
.
.සහස් උයනෙන් එලියට යනකල්ම අතින් ඇදන් යනකොට මට නොහිතුනාම නෙවේ බෙරිහන් දීලා බේරෙන්න... මිනිස්සු හැරි හැරි බලනවා ලැජ්ජයි ඊටවඩා හරීම සෝක් වේරී ගුඩ්...
ගිහින් නැවතුනා බයික් එකක් ඉස්සරහා..
ඕ.... FZ එකක් රතුයි ඈශුයි.... පට්ටයි හැබැයි... ඊටපස්සෙ නේ මිනියා එහා පැත්තෙත් නවත්තලා තිබ්බ බයික් එකෙර් හෙල්මට් එකක් අරන් මට දික් කරා...
ඇහ් මුගෙ දේපල කියලද මේ ඇහ් අනුන්ගෙ ඒවා ගන්නේ... යකාගෙ කෙලියක්නේ...
මේක දාගන්නවා...
ඇයි....
ප්රශ්න අහන්නෙ නැතුව දාගනිම් මගෙන් කන පාලා ගන්නැතුව..
ඉහිම්... මෙ බලාම්කො අපෙ අම්මවත් මගෙ කන පලලා නැ මේවෙනකල්..
ඌයියා .. ඒකකන් රිදුනා මට...
අතින් ඇදලා අරන් ගැහුවා නේද..
නැ නැ කනට නෙවේ යලූවනෙ... හෙල්මට් එක එබුවා ඔලුවෙ....
අහ් මෙක ලොකුයිනෙ මට....කමක් නැ එක හොදයි... අනෙ යකු මෙතනින් යන යන එකා මගේ මූන බලනවා දෙයියනේ...
නගිනවා..නග්ගන්නද කියන්නෙ බයික් එකට...
අඩේහ්... මන් හීන ලොකෙ ඉන්නකොට මෙ මනුස්සයා මයික් එකත් හරවන් ස්ටාට් කරනුත් ඉවරයි...
මේ පාරනම් නැග්ගා හලො මන් . කවුද දන්නෙ කිවුවා වගෙ කරොත් ලැජ්ජයිනේ...
හයියෙන් අල්ලගන්නවා...
එයා කීවම මන් ඉතින් පිටිපස්සෙන් අල්ලගත්තා... ඔව් ඔව් නැත්තන් කොහෙන් අල්ලන්නද....
YOU ARE READING
සිහිනයේ කතාව.
Fanfictionඑදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්ය මානිත්ර අබේ...