-11-

13.3K 1.3K 302
                                        

"මේක මේ පොඩි mcq එකක්නේ කුරුළු"

"ඒ උනාට මාර්ක්ස් ගෙදරට යවනවනේ බං. මට මාර්ක් ෂීට් එක හංගන්න විදිහක් නෑ බං අයියා එක්ක."

වන්දා මියුසික් රූම් එකේ පල්ලට බහින්න තිබ්බ ලී පඩිය උඩින් ඉදගත්තා. මේ වෙලාවේ මියුසික් රූම් එකෙන් ඇහෙන අම්බානක දුක හිතෙන වයලින් ඕඩියෝ එක අපි දෙන්නගේ සියුවේෂන් එකට ගානට මැච් වෙනවා වගේ. සැක්!! පරිසරෙත් කින්ඩි දාන්නේ අපිටමනේ.

"හැබැයි අපි පාඩම් කරානම් මෙච්චර ස්ට්‍රෙස් වෙන්න දෙයක් නෑනේද බං?

වන්දා කම්බුලේ අත තියන් ශෝකාකූල දුක්ඛප්‍රලාප කියෝනකොට මම පඩිපෙලෙන් බැහැලා අන්දර වැටෙන් මලක් කඩාගෙන කනේ ගහගත්තා. ඒක දිග මලක්.

"බලපං වන්දා අර දර්ෂුකගේ සෙට් එකේ උන්. අපි උන්ට හැමවෙලේම කින්ඩියට පොතේ එල්ලිලා ඉන්නවා කිව්වට උන් හැමදේම බැලන්ස් කරගන්නවා. උන්ගේ ඇද හොය හොය ඉදලා අපි බොරුවට පව් පුරෝ ගන්නවා"

"ඒකනම් සිරා ඈ"

මම උඩ බලාගෙන හොද හුස්මක් ගත්තා. ඇත්තටම කිව්වොත් අද අපිට සයන්ස් වල mcq එකක් තියනවා. සෝ අපි දෙන්නා ගැම්මට අනාගන්න යන්නේ. මට කිසිම දැනුමක් නෑ පේපරේ කරන්න.

ඒත් එක්කම

"ඒ අඩෝලා!!! උබලා දෙන්නා පාඩම් කරලද ඉන්නේ?"

ටිලානයා මියුසික් රූම් එකේ ඉදලා පඩිපෙල දිගේ වන වන ඇවිත් වන්දගේ එහා පැත්තේ පඩියෙන් පස්ස බිම තියලා ඉදගත්තා. ඔය ඉන්නේ අපි වගේම තව එකෙක්. මගේ අනික් යාළුවා. හැබැයි පැලෙන්න සල්ලි තියෙනවා.

"මොන පාඩම් කිරිලිද බං? මං කරත් මගේ හිත එක තැනක නෙවේ. ඒක වටේ යනවා බං කෂ්මිර අයියගේ කෙල්ල වගේ"

ඒකනටම් මටයි ටිලානයටයි දුක අස්සෙන් හිනාවකුත් ගියා. කෂ්මිර අයියගේ ප්‍රේම වෘතාන්තය හෙනම ෆේමස් වෙලා තියෙන්නේ. ඒක දන්නැති කෙනෙක් නෑ.

"අනේ හලෝලා අපි තුන් දෙනා දැන් රතු පොතේ ලියවෙන්න ඔන්න මෙන්න ඉන්නේ. මට ඉතින් ඔයාලට වගේ සහෝදරයෙක් වත් නෑනේ දන්නැති දෙයක්වත් අහගන්න.."

අම්මෝ සතුටු වෙයන් බං. උබ දන්නෑනේ ගුටි කන එකේ රසයි, කම්පෙයා වෙන එකේ ගුණයි.

SURYAWARNA | COMPLETED ✔️Where stories live. Discover now