🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟..........
.
.
.
.
.
." ඇයි පුතේ........"
වාහනය නිවස ඉදිරියේ නතර කළ සැණින් යීබෝ ඉන් බැස ආලින්දයට එද්දී මින්ක් සමග ආලින්දයට වී සිටී යීහා ඉක්මනින් ඉක්මනින් දොර අසලට ඇවිත් යීබෝගේ අතකින් අල්ලා ගත්තේය.....
" එයාගේ ගෙදර කවුරුත් නෑ.......එයා අද මෙහේ ඉඳී....."
කිසිවක් පවසන්නේ නැතුව ෂාන් එපමණක් පවසද්දී යීහාගේ මුහුණට නම් බල්බ් ඇද හැඩ කර තිබෙන මිදුලක අලංකාරයක් එකතු වුණේය....
" මාත් එක්ක නිදාගමු.........."
යීහා පුදුමාකාර ආශාවකින් එලෙසින් පවසමින් අවසර ලබා ගන්නට මෙන් ශාන්ගේ මුහුණ දෙසත් බැලුවේය.......
" හ්ම්ම්ම්............මින්ග් අංකල් දොරවල් වහන්න......"
එපමණක් පැවසූ ශාන් මුහුණත් අමුතු කරගෙන සිටින යීබෝගේ මුහුණ දෙසත් එක් ඇසිල්ලක් බලා උඩුමහලට යන්නට ගියේය......
" යමු.........එයාලා ඔයාට කියලා ගියේ නැත්තේ ඔයා මෙහේ ඉන්නවට අකමැත්තෙනම් අපි දිගටම මෙහෙ ඉමු......එතකොට ඉතිං ආයේ උදේ පාන්දර පින්නේ එන්න ඕනෙත් නෑනේ......"
යීබෝගේ අතකින් අල්ලාගෙන උඩුමහලට යන අතර ඉතින් ඇය පවසන කතා කාමරයට යමින් සිටින ශාන්ටත් ඇසෙන්නේය...... දෙදෙනාම කාමරයට ගිය පසු ශාන් තමන්ගේ කාමරයට ඇවිත් මවගේ බෙහෙත් ටික කුඩා කප් එකකට අරගත්තේය......
ගේ ඇතුළෙ මිනිස්සු හිටියා කියන්න හොඳටම තේරෙනවා....කොල්ලට කොයිතරම් දුක හිතෙන්න ඇතිද...... පව් අහිංසකයා...... ඒ කොල්ලගෙන් හම්බ කරගෙන කනකං හොඳයි..... මට හිතුනොත් දිගටම මෙහි නතර කරගන්නවා....
බෙහෙත් ටික තෝරන අතරේත් ඉතින් ශාන්ගේ කල්පනාව මීට ටික වෙලාවකට පෙර සිදුවූ ඩම්ප්ලින්ගේ නිවසේ සිදුවීමයි......බයිසිකලය පිටත තිබියදීත්, නිවැසියන්ගේ පාවහන් නිවසින් පිටත ගලවා තිබියදීත් , අසල්වැසි කාන්තාවක් මීට සුළු මොහොතකට පෙර එම නිවසට ගොස් ඩම්ප්ලින් ඇනවුමක් බාරදී පැමිණියා යයි කියද්දිත් ඔවුන් නිවසේ නැති බව කෙලෙසින් විශ්වාස කරන්නද......
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanfictionතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛