18...දැනෙන්නට හැරීම....🪻🪻

880 275 237
                                    

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟.................

.
.
.
.
.

" දෙයියනේ බෝ පුතා.........."

වෙලාව එකොළහට ආසන්න වෙද්දී ෂාන් කෝපි එකක්වත් හදාගන්නට හිතාගෙන කාමරයෙන් පිටතට ආවත් මුළුතැන්ගේ පැත්තෙන් ඇසුණු මින් ගේ කටහඬ නිසා තිගැස්සී ගියේ දෙයියනේ බෝ පුතා යනුවෙන් ඇසුනු නිසාවෙනි...........ඔහුට කුමක් හෝ කරදරයක් සිදුවීද යනුවෙන් හදවතට දැනුණු බියත් සමඟ ශාන්  පඩිපෙළ අසලට ඇවිදගෙන ආවේ යීබෝ  ගේට්ටුවෙන් ඇතුල් වනවා දුටුවෙක් නැති නිසා ඇතිවුණු කුතුහලයත් සමඟයි.......

",අපේ පුතා කැමති වෙයිද මින්ග්......"

" පොඩි බේබි පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ මැඩම්......."

ටිකෙන් ටික පඩිපෙළ බැසගෙන පහළට එන විට ඉතින් දම් ප්ලීන්ට අනතුරක් නොවන බව ඊළඟට ඇසෙන කට හඩවල් සමගින් ශාන් අවබෝධ කරගත් අතර ඇත්තෙන්ම ඔහු සැනසුම් සුසුමක්ද හෙළුවේය...ඒත් ඉතින් ඔහුගේ හිතේ තිබෙන කුතුහලය තවම අවසන් වී නැත......තමන් අකමැති වේවි යනුවෙන් මෙනිත් මින්ග් සහතික වෙමින් පවසන්නේ කුමක්දැයි හිතාගන්නට නොහැකිව ශාන් තවත් ගමන ඉක්මන් කළ අතර , ගේට්ටුවෙන් එන්නේ නැතුව ඩම්ප්ලින් බෝලයක් නිවසට පැමිණියේ කෙලෙසින් දැයිත් ඔහුගේ හිතේ කුතුහලයකි.......

පඩිපෙළ බැසගෙන ආලින්දයට ඇවිත් කෑම කාමරයට යද්දී ඈතින් ඔහු දුටුවේ මුළුතැන් ගේ තුළ යීහා හිටගෙන සිටින ආකාරයයි....... තවත් අඩි කිහිපයක් ඇවිදගෙන ඇති මින්ග් ශාන්ව දුටුවේය ........

" ඔන්න පොඩි බේබි එනවා......"

මින්ග් එක්වරම එලෙසින් කියද්දී ෂාන් මුළු තැන් ගෙයි දොර අසලටම ඇවිත් අවසන්ව තිබුණු අතර යීහාටත් මින්ටත් එහායින් දොර අසල ඇත්තට මුහුණක් සමග හිටගෙන සිටින ඩම්ප්ලින්ගේ අතේ පුළුම් බෝලයක් වැනි බලු පැටියෙකි..........ශාන්  සුරතල් සතුන් ඇති කරන්නට පොඩ්ඩක්වත් කැමති නැති බව ඉතින් ඒ නිවසේ සිටි දෙදෙනා දන්නා නමුත් මෙතැන සිටින ඩම්ප්ලින් බෝලයක් නම් බලු පැටියා අත හරින්නට සූදානමක් නැති බව බලු පැටියා තුරුලු කරගෙන පැත්තට හැරී සිටින ඒ පෙනුමෙන් ශාන්  අවබෝධ කරගත්තේය ...

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......Where stories live. Discover now