03..... හිතට දුකක්......🪻🪻

912 270 200
                                    

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟.........

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.

" කවුරුහරි මල් වලට වතුර එහෙම දානවා පොඩි බේබි......"

මේ දෙවැනි දිනයේ දිවා ආහාර අර ගන්නා අතරයි...මින්ග් එක්වරම එලෙසින් කියද්දී මෙතරම් වේලාවක් නිහඬව ආහාර ගනිමින් සිටි ශාන්ගේ මව තරමක් කලබල වුණේය......ඉතින් ඇය කලබල වන්නේ පරණ දේවල් සිහියට නැගුණු නිසා වන්නට ඇතැයි සිතන ශාන් ඉක්මනින් ඇගේ අතින් අල්ලා ගත්තේය.....

" මෙතනින් වැඩට යන එන ළමයෙක් මම දැක්ක දවස් දෙකක්ම මල් වලට වතුර දාලා යනවා....එයාගෙන් කාටවත් හානියක් නැති නිසා තමයි මම නිහඬව හිටියේ.........කෑම කාලා ඉවර උනහම එන්නකෝ මමා මාත් එක්ක යන්න, ඊයේ හවස අලුත්ම පාත්තියකුත් දැම්මා ......අපි දැක්කොත් ඒ ළමයා කලබල වෙයි කියලා හිතන හින්දා තමයි මම සද්ද නොකර හිටියේ......"

කිසිම කලබලකාරී බවක් නැතිව ෂාන් එලෙසින් කියද්දී එතැන සිටින දෙදෙනාම නිහඬ වුණේය....

",පොඩි ළමයෙක්ද පුතේ....."

" පොඩිමත් නෑ අද හවස එයාට පේන්නේ නැති වෙන්න මං ඔයාට එයාව පෙන්නන්නම්කො....."

මුහුණට නැගුණු හරි  අපූරු සිනහවක් සමගින් ශාන්  එලෙසින් කියද්දී ඇය හරිම උනන්දුවෙන් හා යයි හිස සැලූ අතර මින්ග්  කිසිවක් කතා කරන්නට නොගියේ පොඩි බේබි ඕනෑම දෙයක් සිදු කරන්නේ හොඳින් හිතා මතා බව දන්නා නිසාවෙනි......

" ගෙදර දොරකට ජනේලකටවත් අලාභ හානි වෙලා තිබුණේ නෑනේ මින්ග් අන්කල්......අනික ඒ ළමයා අපි ඉන්නවා කියලා දන්නේ නැති උනත් මල් ටිකට සාත්තු කරලා මේ දවස් දෙකේම ආපහු යන්න ගියා.....ඒක නිසා කලබල නොවී ටිකක් ඉමු......"

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......Where stories live. Discover now