🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟..........
.
.
.
.
.රොවෙන් නම් සිනාසෙමින් චූටිකුකූව වඩාගත් අතර යීබෝ නිවස දෙසට ඇවිද යන්නේ උඩුමහල දෙසත් බලන අතරයි ......
ඒත් යීබෝට අඩි පාර දිගේ අඩි දහයක්වත් ඇවිදගෙන යන්නට ඉඩක් නොතබා ගේට්ටුව අසල එදා වාහනයම නතර කරද්දී යීබෝ තරමක් කලබලයට පත්වුණත් රොවෙන් සහ ජින් යන දෙදෙනාම ගේට්ටුව අසලට යද්දී ශානුත් සැනින් පහලට ආවේය .........
**
ඉතින් කවුරු නැතත් ශාන් තමන් අසල ඇවිත් හිටගනිද්දී අද නම් ඩම්ප්ලින් බෝලයකගේ හිතට බයක් දැනුනේ වත් නැත...පුංචි හරි තැතිගැන්මක් හිතේ තිබුණා නම් ෂාන් ඔහුගේ අතින් අල්ලා ගත් මොහොතේ ඒ තැතිගැන්මත් සුන්නද්දූලි වී ගියේය.....
වාහනය ගේට්ටුව ඉදිරියේ නතර කළ ජියොන් සෙන් සහ ජියොන්ගේ හයිකාරයෙන් දෙදෙනෙක් වාහනයෙන් වැස්සත් ගේට්ටුව ඉදිරියේ හිටගෙන සිටින හයේ හතරේ මිනිසුන් දෙදෙනා දුටුව පසුව නම් රැස් මදක් අඩු වෙන්නට පටන් ගත්තේය.......
" රොවෙන් ගේට් එක අරින්න එපා......."
ඩම්ප්ලින්ගේ අතකිනුත් අල්ලාගෙන ගේට්ටුව දෙස බලාගෙනම ශාන් ඔහුට හුරුපුරුදු ගැඹුරු කටහඬින් එලෙසින් කියද්දී රොවෙන් ශාන් වෙතට එක් බැල්මක් හෙලා දැන් ගේට්ටුව ඉදිරියේ හිටගෙන සිටින මිනිසුන් හතර දෙනා දෙසට අවධානය යොමු කළේය......ඉතින් මේ කලබගෑනි ඇසුණු නිසා මින්ග් අංකලුත් මිදුලට බැස්සේය ............
ශක්තිමත් පිරිමින් හතර දෙනෙක් මැද හිටගෙන සිටින යීබෝට කුමන තනිකමක්ද.........
" මම ආවේ ඔය මිස්ටර් එක්ක ටිකක් කතා කරන්න......."
ගේට්ටුව ඉදිරියේ හිටගෙන ශාන් හට ඇහෙන තරමේ උස් හඬකින් ජියොන් කියද්දී ශාන් යීබෝගේ අතකින් අල්ලාගෙනම ගේට්ටුව අසලට ඇවිදගෙන ආවේ ඔවුන් පිටුපස මින්ග් අංකලුත් ඇවිදගෙන එද්දීය.........
ඉතින් ශාන් ගේට්ටුව ළඟට පැමිණි සැනින් ජියොන්ග් ගේ සහ සෙන්ගේ දෙනෙත් නතර වුණේ ශාන්ගේ අතේ පැටලී තිබෙන යීබෝගේ අත මතයි ...... යීබෝ නම් ගේට්ටුවෙන් එහා පැත්තේ සිටින කිසිවෙක් දෙසට අවධානය යොමු කරන්නේ නැතිව මල් පාත්ති දෙස බලාගෙන සිටින අතර මදි පාඩුවට චූටි කුකුත් ඇවිත් යීබෝගේ දෙපා අසල හිටගෙන හොහ් හොහ් ලෙසින් බුරන්නට පටන් ගත්තේය.........
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanfictionතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛