🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟.........
.
.
.
.
.
." දැන් කොහොමද මමා......."
දින දෙකක්ම ඉතින් ශාන් කතා කළත් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ යීහා අද ඔහුට කෙටි සිනහවක් තිලිණ කලේය ...... ඇත්තෙන්ම එය ශාන්ගේ හදවතට සැනසීමක් ගෙන ආවේය....
හිතේ වේදනාවත් සමගින්ම දවස සෙමින් ගත වී ගොස් මේ වන විට වේලාව සවස හතරට ආසන්න වී තිබුණු අතර අද ශාන් කොයිතරම් අපහසුවෙන් ඔහුගේ වැඩ කටයුතු සිදුකලාද යත් ඇත්තෙන්ම දහවල් ඔහුට තදබල හිසේ කැක්කුමක් පවා ඇති වුණේය ......
අඩ හෝරාවකට වතාවක්වත් ශාන්ගේ ඩම්ප්ලින් කොල්ලා ෂාන් ඔහුව වැටී සිටි තැනින් නැගිට්ට වූ පසුව වචනයක් පිට කරගන්නට නොහැකිව වෙහෙස වූ ආකාරය සිහිපත් වූ අතර ඒත් සමගම ඇස් වලට කඳුළු පිරෙන්නටත් එතරම් මොහොතක් ගත වූයේ නැත......සැකෙවින් පවසනවානම් ඉතින් අද දිනය ශාන් හට සෑහෙන පීඩාකාරි දිනයක් උනේය ...
තුන් හතර වතාවක්ම සියලු වැඩ පසෙකලා මල් කඩය ඉදිරියට ගොස් ඔහු දෙස බලාගෙන සිටින්නට නොහොතුනා නොවේ......ගෙයක් සේ අද උදෑසන තමන් එතැනට ගොස් ඔහු සමග කතා කරන්නට උත්සාහ කළ නිසා සවස මෙතන මගහැර නිවසට යාවිදැයි නොසිතුනා නොවේ.....කෙසේ හෝ ඉතින් ඔය සියලු කලබල අස්සේ ආයතනයේ වැඩ සමගත් ඔහු සම්බන්ධ වුණේය........
" මොකක් හරි ප්‍රශ්නයක්ද ඩිඩි......."
ආයතනයේ ගැටලු හේතුවෙන්ම දෙතුන් වතාවක් වීඩියෝ ඇමතුම් ලබාගත් කුවාන් ශාන්ගේ පෙනුම එතරම් හොඳ නැති බව දුටු නිසා එලෙසින් ඇහුවත් ඉතින් ශාන් කිසිවක් නැති බව පැවසුවේ ඇත්තෙන්ම කියන්නට දෙයක් නැති නිසාවෙනි...... වත්තේ මල් වලට වතුර දමන පිරිමි ළමයාට කතා කරන්නට නොහැකි නිසා තමන් මේ ලෙසින් වේදනාවෙන් සිටිනවා යැයි කුවාන් සමග පැවසුවහොත් ඔහු අනිවාර්යයෙන්ම තමන්ටත් මානසික ආබාධයක් ඇති බව සිතනු නොඅනුමානය......
" අපි එළියට ගිහිල්ලා පොඩ්ඩක් වාඩිවෙලා ඉමුද......තව ටික වෙලාවක් යනකොට ඔන්න මල් බලාගන්න පිරිමි ළමයත් එනවා....."
ශාන් ඇගේ හිස අතගාමින් ආදරයෙන් එලෙසින් පවසද්දී නම් ඒ දෑස් තරමක් දිදුලන ආකාරය ඔහු දුටුවේය.....
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanfictionතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛