🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟............
.
.
.
.
.තුන්දෙනාම ගේට්ටුවෙන් ඇතුල් වෙන ආකාරය සාකච්ඡාව අතරේම ශාන් බලාගෙන සිටි අතර වෙනදා මෙන්ම ගේට්ටුව විවෘත කරද්දී ඩම්ප්ලින් බෝලයගේ දෙනෙත් තමන්ගේ කාමරයේ ජනේලය වෙතට එල්ල වන ආකාරයත් ඔහු දුටුවේය......
දොළහමාර පමණ වනතුරු ආයතනයේ රාජකාරි කිහිපයක් සමඟ කාර්යබහුලව සිටි ශාන් යීහාගේ කාමරයට ආවේ ඇය නිදිදැයි දැක බලා ගන්නට වුනත් එක්වරම දුටු දසුනෙන් පුදුමයෙන් ඔහුගේ දෙනෙත් විසල් වී ගියේය.......................
**
මව ඇඳේ සුවපහසුව නිදාගෙන සිටින අතර ඒ අසලම රූපවාහිනිය ඉදිරියේ ඇති සෝපාව මත ඩම්ප්ලින් බෝලයත් සුව නින්දේය .... පුදුමයෙන් විසල් වී තිබුණු දෙනෙත් සිහින් වී ඊළඟට ශාන්ගේ මුහුණට හරි අපූරු සිනහවක් මතු වුණේය...... ඉතින් මින්ග් අංකල් දිවා ආහාර සූදානම් කරන තුරු මව ඔහුව උඩුමහලට රැගෙන එන්නට ඇතැයි ශාන් අනුමාන කළේය.......
ශබ්ද නොනැඟෙන ලෙස කාමරය තුළට පැමිණි ශාන් සෙමෙන් සෙමෙන් පියවර තබා මවගේ ඇඳ අසලට පැමිණි අතර මව අසල නොතිබුණු සුදු පාට ඒ ෆෝ කොළයක් ඔහුගේ නෙත ගැටුණේය...... එය අතට ගන්නට පෙර මවගේ කාමරයේ එක් පසෙක තිබෙන පොරෝනයක් අතට ගත් ශාන් යීබෝව වැසෙන්නට එය සෙමින් සිරුර මතට දැම්මේය ..... සුවපහසු උණුසුම් බවක් සිරුරට දැනුණු නිසාදෝ නිදාගෙන සිටින ඉරියව්ව මඳක් වෙනස් කළ ඩම්ප්ලින් යළිත් හරි බරි ගැසී හරි අපූරු නින්දකට වැටුනේ ඔහු අසලම හිටගෙන සිටින ශාන්ගේ මුහුණේ ඇති සිනහව තවත් වර්ධනය වෙද්දීය.......
කියුට්.......රැව්වට ඉතින් කියුට් තමයි ......මට රැව්වට මමාව හොඳට යාළු කරගෙන ඉන්නේ.....
ඩම්ප්ලින් දෙස බලාගෙන එලෙසින් තනිවම කල්පනා කළ ශාන් ඊළඟට යීහා අසල තිබුණු ඒ ෆෝ කොළය අතට ගත්තේ එහි තිබෙන්නේ කුමක්දැයි දැක බලා ගන්නටයි........
* මගේ පපාව නං මම දන්නෙ නෑ.......මගේ නම වන්ග් යීබෝ .......
ඔහ් වන්ග් යීබෝ .......නෑ නෑ ඩම්ප්ලින්ම හොඳයි....ඒක තමයි මේ මට රවන මූණට ගැලපෙන්නේ.....
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanficතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛