🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟.............
.
.
.
.ටක්.......ටක්...........
" එන්න........"
මේ පහුවෙනිදා උදෑසන දහයට පමණයි...... ඩම්ප්ලීන්ව කාමරයට ගෙන්වා ගත්තේ ෂාන් මින්ට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසුවයි.....ඉතින් දොරට තට්ටු කරද්දිම ඒ හඬේ කේන්තියක් ගැබ්ව තිබෙන්නේ ඇයිදැයි හිතාගන්නට නොහැකිව ඔහු කාමරය තුළට ආවේය........
කෙලින්ම ඇවිත් මේසේ ඉදිරියේ හිටගත් ඩම්ප්ලින් දෙස බැලූ ෂාන් කරමින් සිටි රාජකාරියක් නතර කර අත් දෙක පපුවට බැඳගත්තේ ඔහු වෙතට ඇස් දෙක සිහින් කර බැල්මක්ද හෙලන අතරයි.....
" දැන් කවුද ඔයාට කිව්වේ අස් කරන්න ආපු මනුස්සයත් එක්ක එකතුවෙලා ඒ කාමරේ අස් කරන්න කියලා........."
ඇඳගෙන සිටින සුදු පාට කමිසයේ පවා ගෑවී තිබෙන කිළුටු පැල්ලම් දෙස බලමින් ශාන් කේන්තියෙන් අසද්දී පුරුදු ලෙසින්ම ඉතින් යටිතොල පෙරළාගෙන ඔහු අමුතු බැල්මක් සමගින් අහක බලා ගත්තේය......එය බැල්මට උස මහත්තයව දිය කරන්නට පුළුවන් බව ඔහු හොඳින්ම දැනගෙන හිටියත් මේ මොහොතේ නම් උස මහත්තයා ඉන්නේ හුඟක් කේන්ති ගොසින්ය.......
" මම අහපු එකට උත්තර දෙන්න බලන්න.....කවුද කිව්වේ අස් කරන්න ගෙනාපු මනුස්සයත් එක්ක ගිහිල්ලා ඔයාටත් අස්කරන්න කියලා......"
තමන්ගේ මුහුණ වෙතට සෘජුව වැටී තිබෙන උස මහත්තයාගේ බැල්ම මඟ හරිමින් ඔහු කාමරයේ හතර කොණ බැලූ අතර මේ වන විට ඔහුගේ බැල්ම වැටී තිබෙන්නේ ජනේලෙන් පිටතටයි..........
" ඩම්ප්ලින් ..........."
එහේ මෙහෙ බලමින් කෝලම් කරමින් සිටින නිසාම ෂාන් ඉතින් තරමක් තද කට හඬකින් කතා කරද්දී යීබෝ ඉක්මනින් ඇස් දෙක ඔසවා ශාන්ගේ මුහුණ දෙස බැලුවේය.......
" ආය ඒ පැත්ත පළාතේ ගිහිල්ලා තිබ්බොත් මම බලාගන්නම්....... දැන් ඔහොම්මම කාමරයට ගියා වොෂ් එකක් දාගත්තා ආය මගේ රූම් එකට ආවා .......තේරුනාද ........"
තර්ජනාත්මක ස්වරයකින් ෂාන් එලෙසින් කියද්දි ඉතින් යීබෝ හා යැයි හිස සලමින් ඉක්මනින් කාමරයෙන් පිටතට යන්නට ගියත්.........
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanfictionතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛