🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟.........
.
.
.
.
.
.ඉතින් ඔහු පඩිපෙළ නැගගෙන ඉහළට යන විට වොෂ් එකක් දමාගෙන කාමරයෙන් පිටතට එමින් සිටි යීබෝව ශාන් හට මුණගැසුනේය...... ඔහු දෙස ඉතා කල්පනාකාරීව බැලූ ශාන්ගේ දෙනෙත් ඊළඟට නතර වුණේ .......................
**
.............. ඩම්ප්ලින් ගේ පාදය අසලයි.....කොට කලිසමක් ඇඳගෙන සිටින ඔහුගේ පාදයේ තැන් කීපයක සීරී තිබෙන ආකාරය ශාන් හරි අපූරුවට දුටුවේය.....සුදු පැහැති කකුලේ තැන් තැන්වල රතු පැහැයෙන් සීරීම් ලකුණු දකිද්දී උස මහත්තයාගේ දෙනෙත් නතර වී තිබෙන්නේ කොතැනදැයි අවබෝධ වුණු ඔහු ඉක්මනින් ආපසු හැරී කාමරයට යන්නට ගියත්........
" ඩම්ප්ලින් ........."
ශාන්ගේ හඬට ඔහු ඉන්න ගැසුවක් මෙන් නතර වුණු අතර නමුත් ඉතින් ආපසු හැරී බැලුවේ නම් නැත...ඒත් ඉතින් කකුලේ පිටුපස පැත්තේත් හරි අපූරුවට සීරීම් ලකුණු කිහිපයක් තියෙද්දී ජින්ගේ කාමරයේ ගෙම්බන්ගේ සංක්‍රමණය පිළිබඳව ශාන් බොහෝ තොරතුරු තේරුම් ගත්තේය....
" ළඟට එන්න......"
දොර පැත්තට හැරී හිටගෙන සිටින යීබෝව දකිනකොට ශාන්ගේ මුහුණට සිනහවක් මතුවුණත් ඔහු ඒ සිනහව යටපත් කරගෙන තරමක් ගැඹුරු කටහඬකින් යීබෝට තමන් ළඟට එන්න යැයි කීවත් ඔහු බෑ යනුවෙන් හිස සලමින් දොර පැත්තටම හැරී සිටින්නේය........
" ඇයි දැන් ළඟට එන්න බැරි?........"
පිළිතුරක්වත් චලනයක්වත් නැත........
" දැන් ඔච්චර ඇට්ටර වෙන්නේ ඇයි ආ..........මේ පැත්තට හැරෙන්න.......මොනවද ඔය කරන වැඩ........ දැන් මං හැරෙන්න කිව්වහමවත් හැරෙන්න බැරිද..........."
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanficතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛