15..... බලපෑම් .......🪻🪻

963 269 216
                                    

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟..........

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්....... ආදරෙයි ඉතින් ......❤💚💛

.
.
.
.
.
.

" අර පල්ලෙහා තුන්දෙනත් එක්කම මල් හදන තැන......"

" පොඩි එකා හින්දම නැන්දි සතුටින් නේද......."

" හ්ම්ම්ම්........එයාලා හදපු පාත්තියේ පැල ඇවිල්ලා......අන්න එතනට වෙලා හිනාවෙවී ඉන්නවා......"

සැනසීම පිරුණු කටහඬකින් ශාන් එලෙසින් කියද්දී කුවාන්  සැනසුම් සුසුමක් හෙළුවේ ඒ අම්මා සහ පුතා ගෙවී ගිය මාස කිහිපයේ විඳිවේදනාවන් සිහි කරන අතරයි........

" මොකක්ද උඹ කොල්ලට කියන්නේ ඩම්ප්ලින් කියල නේද........"

" ඔව්......ඒ දවස්වල නම දැනගෙන හිටියේ නෑනේ..... ඩම්ප්ලින් මල්ලක් උස්සගෙන හැමදාම වැඩට යනවා ,  මූනත් ඉතින් පිම්බිච්ච ඩම්ප්ලීන් එකක් වගේ තමා.."

ශාන්  සිනාසෙමින් කියද්දී අනෙක් පස පැවතියේ කෙටි නිහැඩියාවකි......

" නැන්දිට විතරක් නෙමෙයි අනිත් එක්කෙනාගේ හිතේ සැනසීමත් පොඩි එකා කියලා මට හිතෙනවා......"

කුවාන්ගේ කතාව ඇසෙද්දි ශාන්ගේ මුහුණට හරි අමුතු සිනහවක් මතුවුණු අතර වාඩිවී සිටින තැනින් නැගිට කෙලින්ම ගොස් කවුළුව අසල හිටගත් ඔහු දැන් බලාගෙන සිටින්නේ මල් පාත්ති අසල සිටින තිදෙනා දෙසයි........

" මට ඔයා එක්ක කියන්න බැරි දෙයක් නෑනෙ ගගා.....මේ කොල්ලා දැක්ක දවසෙම මගේ හිත හෙල්ලුවා......."

මහ පුදුමාකාර හැඟීම් බර කටහඬකින් ශාන් එලෙසින් කියද්දී දුරකථනයේ අනෙක් පස සිටින කුවාන්ගේ මුහුණටත් එවන්ම වූ සැනසීම පිරුණු සිනහවක් මතු වුණේය.......

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......Where stories live. Discover now