මගේ හුස්ම නුඹයි - පළමුවන දිග හැරුම

70 8 14
                                    

ඩ්‍රී.............. ඩ්‍රී.............

"ම්හ්ම්"

Pone එක වයිබ්‍රේට් වෙන සද්දෙට තමා මං නැගිට්ටෙ. අම්මාහ් වෙලාව 5.45 යි ම්ම් මම ගැන කිව්වොත් මගෙ නම තමා " කේශාන සස්මිත දිසානායක" මට තව නංගි කෙනෙකුත් ඉන්නවා.ඉතින් මම ලබන අවුරුද්දෙ O/L ලියන්න ඉන්න පොතක් අතින්වත් අල්ලන්නෙ නැති ආතල්ලෙකේ ඉන්න ජීවියෙක්. ම්හ් තව කිව්වොත් ඉස්කෝලෙ සුපිරි ක්‍රිකට් තරුවක්. මගෙ ඉගෙනීම ගැන කිව්වොත් කොහොම හරි පංතියේ අන්තිමයා නොවී නූලෙන් බේරෙනවා. මටෝය ඉගෙන ගන්න වැඩ සෙට් නැහ්. ඉතින් cricket is my life and happiness. ඉතින් දැනට එච්චරයි. ඉස්කෝලෙ යන්නෝනා.

ම්ම එහෙම්මම ටවල් එකත් අරන් Bathroom එකට ගියා. මොකද නැත්තම් ඊලඟට මයෙ සුදාම්මිගෙන් කන පිරෙන්න බැනුමකුත් අහගෙන පස්ස පැත්තට ගුටියකුත් කාලා තමයි ඉස්කොලේ යන්න වෙන්නෙ.ඉතින් මම හොදට නාගෙන ලෑස්ති වෙලා පල්ලෙහාට ගියා.

"ආ.. සුදු මහත්තයා ඉකමනට කාලා එන්න අද මාත් එක ඉස්කෝලෙ යමු"

"අද අප්පච්චිට important meeting එකක් තියෙනවා කිව්වා නෙහ්"

"Meeting එක cancel කරන්න උනා පුතා"

"ආ.. ඒක නෙවෙයි කෝ පොඩ්ඩි"

"කාමරේ නිදි පුතා. අද ඉස්කෝලේ යන්න බෑයි කිව්වෙ"

"ආහ් එහෙම කොහොමද අම්මා.. ම්හුක් මම ඉස්කෝලෙ යන්න බෑ කිව්වොත් තමා රටේ නැති දේවල් කියන්නෙ. පුහ්! මට තමා වෙනස්කම්"

"අනේ මේ.. ඔව් ඔව් උබට තමා වෙනස්කම්. අනේ මේ ඔය කෑම ටික ඉක්මනට කනවා"

ඉතින් ඕක තමා හැම දාම උදේට අපේ ගෙදර වෙන්නෙ. එක්කො මම මොකක් හරි මගුලක් අල්ලන් කියනවා මට වෙනස්කම් කියලා. නැත්තම් පොඩ්ඩි.ඔව් ඔව් මගෙ නංගි රත්නය තමා. ඊට පස්සෙ මාත් කියනවා උබව අහුල ගත්තෙ කුණු කාණුවකින් කියලා.ඊට පස්සෙ වලිය තව දුර දිග යනවා.ගැම්මක් නේත. මොනා නැතත් මම ඒකිට පට්ට ආදරෙයි. මට ඉන්නෙත් ඒකි විතරයි.

කල්පනාව පිට කෑමෙකත් කාලා ඉවර වෙලා අම්මටයි අප්පච්චිටයි වැදලා කාර් එකට නැග්ගා.දැන් හිතනවා ඇති අපි සල්ලිකාරයො කියලා. එහෙම නැහ්. අපි මධ්‍යම පාංතික මිනිස්සු.මගෙ අම්මා වගේම අප්පච්චිත් හරි සරල මිනිස්සු.

මගේ හුස්ම නුඹයි Wo Geschichten leben. Entdecke jetzt