මගේ හුස්ම නුඹයි - දෙවනදිග හැරුම

38 7 26
                                    

"යකෝ ඌ තමා මේ ඉස්කෝලෙ HP. 'දුෂේන් මිතුන ප්‍රනාන්දු' "

"අඩෝ ඒ කවද්ද බං බැජ් දුන්නෙ. මම දන්නෙත් නෑනෙ යකෝ"

"ඇයි තොට කිය කිය බැජ් දෙන්න තෝ අධ්‍යාපන ඇමතිද. අනික තෝ හැමදාම ඉස්කෝලේ එනවනෙ. අනේ නිකම් පලයන් බං යන්නඩ"

"හරි හරි මම එහෙම එකක් කිව්වෙ නෑනෙ. අනික මේ මම එක දවසක් ඉස්කෝලෙ ආවෙ නෑ කියලා කියවන් එන්න එපා

"ඇයි උබලට අද පංතියට යන්න බුලත් දීල වදින්න ඕනෙද"

"ඕයි දුෂේන්.. මෙහෙ වරෙන් බං පොඩි උන් අල්ලන් කන්න හදන්නෙ නැතුව"

මේ මල්ලිලා උබල පංතියට පලයන්"

පෙනේද පෙනේද මුගෙ කට.අම්මපා මට මල පයින ඉදිහ HP නෙවෙයි මොකා ආවත් මෙහෙම කෑ ගැහුවොත් අම්මපා...... කියන්න වචන නෑ ඉතින්.අපි දෙන්න පංතියට ආවා.











•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••








Interval බෙල් එක ගැහුවට පස්සෙ මායි ශෙනුලයයි කැන්ටිම පැත්තට ගියා.

"ආහ්"

මොකාද යකෝ ඒ පොට්ටයා. අඩෝ නෝ.. මේ අරු නේ. මල කෙලියයි දැන් මොනාද කරන්නෙ. කමක් නෑ මම නෙවෙයිනෙ ඇවිත් හැප්පුනෙ. ඌනෙ නිකන් නවග්‍රහ මණ්ඩලේ මාරු වුනා වගේ ඇවිත් මගෙ ඇගේ හැප්පුනෙ.

"උඩ බලන්ද යකෝ යන්නෙ"

"මගෙන් අහන්නෙ.. තෝනෙ ඇවිත් මගෙ ඇගේ හැප්පුනෙ"

"මේ තොගෙ කට වැඩී පොඩි බේසිකයෝ"

"කව්ද යකෝ බේසිකයා!!"

මම එහෙම කියලා උගෙ කොලර් එක අල්ලන් හොම්බට දෙකක් අනින්න යනකොට දුෂේන් අයියා ලග හිටපු අනිත් අයියා මැද්දට පැනලා රණ්ඩුව නැවැත්තුවා. නැත්තන් මම දනී ඕකට කරන වැඩේ. පකයා!!

"මේ මචන් ඕක අතෑරල දාපන් බං. පොඩි උන්නෙ"

"හහ්!! හොද පොඩි!!
ශිට්!!"

ඌ එහෙම කියාගෙන ලග තිබ්බ මේසෙකටත් පයින් ගහගෙන ගියා.මොන නැතත් පොර පට්ට හැන්සම්!!

"ඒ මේ හොද වැඩේ බං ඕකට"

"ඇයි"

"නෑ ඉතින් බං බලපන්කො බං උගෙ තියෙන ලොකු කම
හැබැයි බං ඒ උනාට පොරගෙ හිත පට්ටම හොදයි"

මගේ හුස්ම නුඹයි Where stories live. Discover now