"ම්...මොකක්!!"
".............................................."
"ම්...මොන ඉස්පිරිතාලෙද..! "
"..............................................."
"හරි හරි උබ කලබල නොවී හිටපන්කො.... මම මේ දැන්ම එන්නම්"
"................................................"
"හරි තියනවා"
මම එහෙමම කෝල්ලෙක කට් කරලා අම්මගෙ නම්බරේට කෝල්ලොකක් ගත්තා.... ඒ ගන්න ගමන් අතට අහු විච්ච ඇදුම් දෙක තුනක් ඇදගත්තෙ ශෙනුලයා දැන් මොනා කරගන්නවා ඇතිද කියලා හිතන ගමන්.....
"හෙලෝ අම්මා"
"ඔව් කේශු කියන්න"
"අම්මෙ මට මේ දැන්ම හොස්පිටල් යන්න වෙනවා"
"මගෙ පුතේ... මගෙ රත්තරන්ට කරදරයක්ද"
අම්මත් හොදටම කලබල වෙලා කියලා එයාගෙ කටහඩෙන්ම තේරෙනවා.....
"අනේ අම්මෙ ශ්... ශෙනුල්ගෙ.... අම්මයි තාත්තයි ඇ..ඇක්සිඩන්ට් ව්..වෙලා"
"දෙයියනේ දරුවො මොනාද මේ කියවන්නෙ"
"කියවන්නෙ ඇත්ත අම්මෙ... මට තවත් බල බල ඉන්න වෙලාවක් නෑ... මම දැන්ම යනවා දැන්ටමත් අරූ මොන විනාසයක් කරගෙනද දන්නෑ.... ඌ හරි ආදරෙයි අම්මටයි තාත්තටයි"
මම ලෑස්ති වෙලා පල්ලෙහාට ඇවිත් එලියෙන් දොර ලොක් කරන ගමන් අම්මට කිව්වා.....
"හරි හරි පුතේ පරිස්සමින් යන්න... මම වැඩ ඇරුනු ගමන් හොස්පිට්ල් එකට එන්නම්"
"හරි අම්මා තියනවා"
මම එහෙමම හන්දියට ඇවිත් ටැක්සියක් නවත්තගත්තා... වෙලාවට මම ගාව ටැක්සියට ඇති වෙන්න සල්ලි තිබ්බා.. නැත්තන් මේ හදිස්සියේ බස් වලත් බඩ ගාපන්කෝ.....
……………………………………………………
"ශෙනුල්!! "
YOU ARE READING
මගේ හුස්ම නුඹයි
Non-Fiction"කවුද කිව්වෙ මං තමුසෙට ආදරෙයි කියලා කේශාන්. මම gay නෙවෙයි යකෝ. ආයි තෝ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න හිතන්න එපා..!! " ...