මගේ හුස්ම නුඹයි - දහවන දිග හැරුම

21 3 0
                                    

"මේ නෝට් එක මුලින්ම ලියාගෙන ඉදපන්... මම ඊට පස්සෙ පැහැදිලි කරන්නම්"

"හ්ම්ම්"

"ම්ම් ලියන්න.... පටකයක් යනු ජීවී දේහයක අඩංගු වන නිශ්චිත වූ කෘත්‍ය ඉටු කි....... මොනාද යකෝ ඔය ලියන්නෙ"

"ඇයි... ඔයා කියනෙක නේ..... ආව්.. ගහන්නෙ"

"යකෝ දැන් මම කියන්නෙ පටක ගැනද නැත්තන් සරල ස්ථීර පටක ගැනද "

"පටක ගැන..."

"දැන් එතකොට තෝ ඔය ලියලා තියෙන්නෙ මොනාද"

"හී හී... හරි හරි අනේ ඉතින් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.."

"ආ පුතා මේක බීලා ඉන්නකෝ"

"එතෝට මට"

මම දුෂේන් අයියට රවලා අම්මට මගෙ ලග තියෙන උපරිම හුරතල් මූණ හදාගෙන ඇහුවා....

"ආ ආ මේක තමුසෙට"

දැක්කා නේ... දුෂේන් කියන එකා ආපු ගමන් අම්මට එයාගෙ චූටි පුතාවත් අමතකයි...ම්හුක්... හලි නලකයි... බලන් ඉන්නකෝ මන් කවද හරි ඔව්වට පලි ගන්නවමයි....

ඔව් ඔව් දැන් උබලා හිතන දේම තමා සිදු වී ඇත්තේ.... හේ හේ... මේ දුෂේන් කියන නිසාචර සත්වයා රෑ 7.00 විතර පොත් මිටියකුත් උස්සන් අපේ ගෙදර ආවා සගෝ.... මම ඉතින් mk... නෑ මචන් කමක් නෑ මූ මේ මහ රෑ එන්නෙ නැතුව දවල් වගේ ආවනම්... බලපම්කෝ ඉතින් මූට වෙන වෙලාවක් ඇත්තෙම නෑ වගෙ රෑම ආවානෙ... ශික් මම හිතුවෙ ටිකක් රෑ වෙලා හොද movie එකක් බලන්න... දැන් ඉතින් ඒක බලන්න වෙන්නෙත් නෑ බං...

හරි හරි අහපන්කො හොදම දේ.... අද දුෂේන් අපේ ගෙදර නවතිනවා කිව්වා... ඇත්තම කිව්වොත් අපේ අම්මා තමා කිව්වෙ රෑ වෙලා යන්න බෑනෙ කියලා.... හරි උබලා නිකමට හරි දන්නවද දැන් වෙලාව කීයද කියලා.... ම්ම්ම් වෙලාව 11. 15 විතර ඇති බං... ඉතින් මේ මිනිහා මට තාම රෑටවත් කන්න නොදී තමා මේ දාගෙන ලියවන්නෙ....

"මේ හලෝ.."

"ඒපාර මොකද.... කෝ දැන් ප්‍රශ්න වලට උත්තර ලියලා ඉවරද... "

මගේ හුස්ම නුඹයි Where stories live. Discover now