මගේ හුස්ම නුඹයි - සත් වන දිග හැරුම

19 3 0
                                    


"ආශ් ඒපාර මොකාද"

"හෙලෝ ඔව් කෝච් කියන්න"

..............................."

"ආ හොදයිනෙ"

"................................."

"ඔව් ඔව්"

"..................................."

"පුලුවන් කෝච් පුලුවන්"

"...................................."

"කාගෙන්ද... මේ දුෂේන්ගෙන්"

"...................................................."

"ආ..... ගන්නම් කෝච්"

"......................................"

"හරි තියන්නම් කෝච්.....බුදු සරණයි"

කවුද දන්නවද කෝල් කලේ...ම්ම් එයා තමයි මගේ ක්‍රිකට් කෝච්... 'සමන් එදිරිමුනි'... මොනා නැතත් බං පට්ටම රෙස්පෙක්ට් චරිතයක්... මම මාරම කැමතී එයා අපේ ක්‍රිකට් කෝච් වුනාට බං...අපේ ඉස්කෝලෙ බං ප්‍රධාන පෙළේ ඉස්කෝලෙයක් වුනාට ඉස්සර අපිට ක්‍රිකට් ටීම්මෙකක් තිබිලා නෑ... පුදුමයි නේ උබලට... කොහොම හරි ඉතින් අපි තමා ඉස්කෝලෙ මුල්ම ක්‍රික්ට් ටීම් එක... ගැම්මක් තමා.. අනික ඉතින් මන් තමයි ඉස්කෝලෙ මුල්ම ක්‍රිකට් ටීම් එකේ කැපා... කවුරු කොහොම කිවුවත් ගැම්මක් තමා ඉතින්... හරි හරි අපි කතාවට එමුකෝ.. මෙහෙමයි ඉතින් හරිද... මන් කොහොමද ඒක කියන්න පටන් ගන්නෙ...ම්ම්ම්....ආ හරි... මෙහෙම කියමුකො අපිට ඉස්සර ක්‍රිකට් ටීම් එකක් තිබ්බෙ නැති හින්දා බං අපිට ක්‍රිකට් වලට ජර්සි එකක් තාම නෑ.... ඉතින් අපිට මේ ලගදි එක දිගට මැච'ස් ගොඩක් එනවනේ... ඉතින් ඒක හින්දා කෝච් අද අපේ ප්‍රින්සිපල් එක්ක කතා කරගෙන අපිට ජර්සි මහන වැඩේ ගැන... ඉතින් දැන් මට කෝච් කෝල් කරලා කිව්වෙ හෙට මුල් පීරියඩ් දෙකේ මැශිමන්ට් එක ගන්න ටීම්මෙකේ ඉන්න අනිත් අයවත් එක්කන් එන්න කියලා.... තව කියනවා බං අර දුෂේන්ගෙනුත් වැඩේට උදව් ගන්න කියලා..... මට උබලට කියන්න බැරි උනානෙ දුෂේන් ඉන්නෙ අන්න එයාට බං හොදට ක්‍රිකට් ගහන්න පුලුවන්ලු... කලින් හිටපු ඉස්කෝලෙ මිනිහා ක්‍රිකට් ටීම්මෙකේ ඉදලලු.... දැන් ඉතින් ඌ වැඩිය sports පැත්තට බර නෑලු ඉස්සර වගේ...මොකද ඉතින් දැන් A/L ලගයිනෙ ඒක හින්ද දුෂේන්ට එයාගෙ ඩෑඩ් sports ඔක්කොම තහනම් කරලලු..... පොරගෙ තාත්තා නපුරු ඇති නේද බං... අනේ මන්දා.... හරි හරි දැන් කතා කලා ඇති අදමට පංති තියෙනවා බං...

මගේ හුස්ම නුඹයි Opowieści tętniące życiem. Odkryj je teraz