"කෝ කවුද බං"
"අර අතන හුත්තො"
ආ දුෂේන් අයියා බං.. මං ඉතින් ඌට එහෙමම සැලුට් එකක් ගැහුවා..ඌ ලාවට හිනා වෙලා අහක බලා ගත්තා..පුහ් මුගෙ ලොකු කම බලපන්කෝ.. මොනා නැතත් එයා හිනා වෙද්දි පට්ට හොට්.. හේ හේ මොනාද කේශු හිතන්නේ..ආ මට කියන්න අමතක වුනානේ..මගේ යාලුවො මට ආදරේට කේශු කියලා කියනවා බං..මන් එපා කිව්වට අහන්නෙත් නෑ....සෙද්ද..ඒත් ඉතින් නොකිව්වට මාත් ආසයි ඒ නමට..හී හී..
"කවුද කේශු ඒ"
"ආ මේ.. අපේ ඉස්කෝලෙ HP අයියා.. දුෂී.."
"ඈ... ඒ මොකාද බං"
"ආහ්ම්.. මේ..දුෂේන් අයියා බං මම නමක් හැදුවා ආදරේට කියන්න ලස්සනයි නේ"
මම එහෙම කිව්වාම මූ මගෙ යට ඉදන් උඩටම wtf look එකකින් බැලුවා..ඇයි බං මන් වැරැදි දෙයක් කිව්වද..ආ එහෙනම් උබලම කියපන්කො..මගුල..
"මොකද යකෝ ඔහොම බලන්නෙ..තෝ හිතුවද මම ගණිකාවක් කියලා"
"නෑ නෑ මන් මේ බැලුවෙ...ම්ම්...දුෂී..."
"මොකද යකෝ.."
"නෑ නෑ මුකුත් නෑ..මේ ඒක නෙවෙයි මම රට ගියාම උබලට මාව අමතක වෙයි නේත.."
"පිස්සුද හුත්තො..එහෙම අමතක වෙනවද..අපි හැමදාම video call ගමුන්කෝ"
"හ්ම්ම් හ්ම්ම්"
"මොකෝ උබ අවුලෙන්ද"
"අවුලෙන්ද කියලත් අහනවා.. යකෝ..පොඩි කාලෙ ඉදන් එකට හිටපු යාලුවො දාලා යද්දි දුක නැද්ද.."
"හරි හරි බං මොනා හරි අරන් යමන්"
අපි ඊට පස්සෙ කැන්ටින් එකේ අන්කල්ගෙන් රෝල්ස් තුනකුයි කිරි පැකට් තුනකුයි අරගෙන ආවා.. මොකද අපි තුන් දෙනාම ගෙනාවෙ පාන්.. ඉතින් අපි ඒවා උදේ පීරියඩ් එකේ කාලා දැම්මා බන්ලා.. හී හී..
අපි පන්තියට යද්දිත් ශෙනුල් ඩෙස්ක් එකේ ඔලුව තියාගෙන... පව් පොරට දුක ඇති.. මොනා කරන්නද ඉතින්..ශෙනුලයට මම තරන්වත් ඉවසීමක් නෑ බං.."මේ ශෙනුලයා මේ මේක කාලා ඉදින්කෝ..මේ බලපන් උබේ ඇගත් රස්නෙයි යකෝ...ආ කෝ නැගිටපන්කෝ.."
"යකෝ මේ බලපන් කේශු මුගෙ ඇස් රතු වෙලා යකෝ උබ අඩනවද බං"
"න්..නෑ බ..බං"
YOU ARE READING
මගේ හුස්ම නුඹයි
Non-Fiction"කවුද කිව්වෙ මං තමුසෙට ආදරෙයි කියලා කේශාන්. මම gay නෙවෙයි යකෝ. ආයි තෝ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න හිතන්න එපා..!! " ...