මගේ හුස්ම නුඹයි - දහ තුන්වන දිග හැරුම

34 4 6
                                    

"එතකොට දැන් උබට දැන ගන්නම ඕනෙද"

"ඕ.."

"හ්ම්ම්...... "

"කියන්නකෝ අප්පා..."

"පොඩ්ඩක් හිටහන් බං.... මම කොතනින්ද පටන් ගන්නෙ"

"උබලා යාලු වෙච්ච තැනින් පටන් ගන්න"

"හ්ම්ම්..."
"ඔන්න අහ ගනින් මම හපුතලේ ඉන්න කාලෙ...."

"ආ ඔයාගෙ ගම හපුතලේද..."

"ඔව් ඔව් බං පොඩ්ඩක් ඉදපන්කො මැදින් ඇඩ් දාන්නෙ නැතුව"

"හරි හරි කියන්නකො ඉතින්"

"හැව් හැව් තැමැයි"

මම අද දුෂේන් අයියාගෙ love story එක අහන්න යන්නෙ..... අමාරුයි තමා.... ඒත් මට දැන ගන්න ඕනෙ එයා අයියව දාලා ගියේ මොන අඩුවක් නිසාද කියලා..... ඇත්තටම බං අයියගෙ එහෙම කියන්න තරන් අඩුපාඩුවක් නෑ.... අයියා පට්ට හැන්සම්.... හොදට සල්ලිත් තියෙනවා... තව හොදට ඉගෙන ගන්නත් පුලුවන්.... අනික එයා කාව හරි බලාගන්න ගියත් එයාව මාරම පරිස්සමට,ආදරෙන් බලා ගන්නවා.... මට මෙච්චරයි කියන්න තියෙන්නෙ.... ඒ කෙල්ලට පින නෑ!!....
















''''''''''''''''''''''''''''''












දුෂේන් ' s pov

"අඩෝ දුෂ් අර බලපන්කො අර කෙල්ල"

"අනේ මේ තොපිලා class එන්නෙ ඉගෙන ගන්නද නැත්තන් කෙල්ලො ජෝඩු කරගන්නද"

"හරි හරි උබ එක පාරක් ඒ පැත්ත බැලුවනන් ඔහොම කියන්නෙ නෑ පොඩ්ඩක් බලපන්කෝ ඉතින්"

"හරි හරි පොඩ්ඩක් හිටපන් ඉතින්"

මම මුන්ගෙ වදේ හින්දම ඒ පැත්ත බැලුවා..... මන් හිතන්නෙ මාව විනාඩි ගානකට ශොක් උනා වගේ..... එ...ඒ කෙල්ල හරියට මගෙ නැති උන අම්මා වගේ..... එයා බිම බලාගෙනම ගිහින් කෙල්ලොන්ගෙ තැනින් ඉද ගත්තෙ මගෙ හිත අමුතු හැගීමකින් බර වෙද්දි.... මම දන්නෙ නෑ අද මම පාඩමත් මොන සිහියෙන්ද අහන් හිටියෙ කියලවත්.... ඒ රූපෙ හොයාගෙනම මගෙ ඇස් ඉබාගාතෙ යනවා.... අයිශ් මටනම් පිස්සු වගේ.... එයාගෙ කොණ්ඩෙත් අපේ අම්මගෙ කොණ්ඩෙ වගේමයි.... දණිස්සෙන් පල්ලෙහාටම ඒ දිග දුඹුරු පාට හීනි කොණ්ඩෙ වැටිලා.... හරියට නිකන් සුරංගනාවියෙක් වගේ..... ටික වෙලාවකින් පංති ඉවර කරා.... ඊටපස්සෙ හිතට ශක්තිය අරගෙන මම එයා ගාවට ගිහින් එයාගෙ නම ඇහුවා......

මගේ හුස්ම නුඹයි Where stories live. Discover now