මගේ හුස්ම නුඹයි - තෙවන දිග හැරුම

38 5 28
                                    

කකුල ලිස්සලා ඇදගෙන වැටෙන්න යනකොටම දුෂේන් අයියා මගෙ ඉන වටේ අතක්  යවලා මාව අල්ල ගත්තා එයා අල්ලගත්ත පාර මම ගිහි  නැවතුනෙ එයගෙ පපුවට හිර වෙලා

"තෝ මොකටද ගස් උඩ බඩ ගෑවෙ කියපිය"

"ම..මම ම්.. මේ ම..මා දං ක..ඩ..න්න නැග්ගේ"

මම එයාගෙන් ගැලවෙන්න හදන ගමන් කිව්වා කවුරු හරි දැක්කොත් එහෙම වස ලැජ්ජවයි.

"දැන් තමුසෙ වැටෙද්දී මම මෙතන හිටියෙ නැත්තම්"

එයා එහෙම ඇහුවෙ එක ඇහිබැමක් උස්සලා වෙනකොට මාව සීතල
වෙලා ගියා ඒ අස්ස මේ මගුලෙ පපුවත් අශ්ව රේස් දුවනවා

"මොකද දගලන්නෙ ම්ම්.. කිරි පණු ගායද.මම හිතන්නෙ මං ප්‍රශ්නයක් ඇහුවා ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙන්න දන්නෙ නැද්ද ආ"

වැටුනොත් මැරෙයි නැත්තන් අන්ඩක් කැඩෙයි තොට මොකෝ මට මොනා උනත් නෑ නෑ මම කියන්න ගියේ නෑ.

"උඹ පලයන් මට මූත් එක්ක ප්‍රශ්නයක් විසද ගන්න තියෙනවා"

එතකොට තමා මටත් මීටර් උනේ ශෙනුල් මෙතන කියලා ඌ නිකන් මොකාද එකා වගේ කට ඇරන් බලන් ඉන්නවා.

"කිව්වාම අහල පලයන් මං තව ටිකකින් යාලුවව එවන්නම්"

ඊට පස්සෙ ශෙනුලයා හිමින් සැරෙ පංතිය පැත්තට ගියා ඕක ඔය ගියාට දැන් ආයෙ පංතියට යන්නෙ නෑ කොහෙ හරි ගුබ්බෑයමක් අස්සට රිංගයි පීරියඩ් එක ඉවර වෙනකන්

ඊට පස්සෙ දුශේන් අයියා එතන් ගහ යට තියෙන බංකුව යටට ගිහින් එතනින් ඉදගෙන මූ සපත්තු ගලවනවා මූට මොන යකෙක් වැහිලද අඩේ මුට ගස් නගින්නත් පුලුවන්ද අඩෝ කොල්ලා පට්ට smart යකෝ

"ඉදා"

එහෙම කියලා එය කැඩුව මාදං ගෙඩි හතර පහක් මගෙ අත උඩින් තිබ්බා අඩේහ්  මූ හිතුවට වඩා හොඩයිනෙ.

"ආයි කඩන්න ඕනෙනම් මට කියපන් මම ඉන්නෙ ප්‍රින්සිපල්ගෙ office එකට එහා පැත්තෙ room එකේ මම කඩලා දෙන්නම් හැබැයි උඹ ආයි පීරියඩ් කට් කරලා මට අහු වියන්කො අනික උබ ලබන අවුරුද්දෙ OL ලියන්න නේද ඉන්නෙ ආ..ඔහොමද OL ලියන් එකෙක් හැසිරෙන්නෙ ආ..ඉතිහාසය කියන්නෙ ප්‍රධාන විශයක් තිත්ත උනත් ඒක තමා ඇත්ත ඉතින් එහෙම එකේ පීරියඩ් කට් කරලා හරියනවද ආ!!"

මගේ හුස්ම නුඹයි Tempat cerita menjadi hidup. Temukan sekarang