මගේ නුස්ම නුඹයි - දොළොස්වන දිග හැරුම

22 4 0
                                    

"හොදයි අපි දැන් මෙම වේදිකාව මතට ආරාධනා කරන්නේ පුරා මාස තුනක් ඇතුළත අපගේ පාසල ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන ගිය අපගේ පාසලේ ප්‍රධාන පුහුණු කරු වන "සමන් එදිරිමුනි" මහතාටයි...."

අද තමා අපිට ක්‍රිකට් ජර්සි එක දෙන දවස....එලවුන්ස් කරපු අයියා අපේ කෝච්ට එන්න කිව්වාම එයා ස්ටේජ්ජෙකට නැගලා මයික්කෙක අතට ගත්තා

"ම්ම්... ගරු විදුහල්පතිගෙන්ද,ආචාර්ය මණ්ඩලයෙන්ද... මහා සංඝ රත්නයෙන්ද අවසරයි... ම්ම්ම් මම මුලින්ම තමන්ගෙ දරුවො වෙනුවෙන් යම් කාලයක් වැය කරගෙන පැමිනි දෙමාපියන්ට ස්තූති වන්ත වෙනවා.... ඉතින් මට කියන්න තියෙන්නෙ ඔබතුමන්ලගෙ/ඔබතුමියන්ලගෙ දරුවන් හරිම දක්ෂ ක්‍රීඩකයන් කියලා... ඔව්න් ඉතා කෙටි කාලයකින් පුහුණු වී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහල මට්ටමක රැදී සිටි පාසල් පවා පරාජයට පත් කිරීමට සමත් වනවා....ඉතින් අපේ මේ ලමයින්ට හොද ගමනක් ක්‍රිකට් ක්‍රීඩාව තුලින් යන්න පුලුවන්.... ඉතින් මට අවසන් වතාවට කියන්න තියෙන්නෙ අපි අපේ මේ ලමයින්ට ස්තූති කරන්න ඕනේ.... මෙතරම් කෙටි කාලයක් තුල අපගේ පාසලට විශිෂ්ටතම ජයග්‍රහණ එක් කර දීම හේතුවෙන්....
ස්තූතියි...."

"එහෙනම් අපි අපගේ පාසලේ ගරු විදුහල්පතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා ක්‍රිකට් නායකයාට සහ උපනායකයාට ක්‍රිකට් ජර්සි කට්ටල ලබා දීමට..."

"අපගේ මෙම ආරාධනාව ක්‍රිකට් කණ්ඩායමේ නායක කේශාන් සස්මිත දිසානයක හට....

මගේ නම කියද්දි මම ගැම්මෙන් ස්ටේජ්ජෙකට නැග්ගා.... මම ස්ටේජ්ජෙකට නගිද්දි මම දැක්කා අපේ අම්මා නැගිටලා මගේ ෆොටෝ දෙක තුනක්ම ගත්තා..... මම අපේ ප්‍රින්සිපල් ගාවට ගියාම ප්‍රින්සිපල් මගෙ ඔලුව අත ගාලා ජර්සි එකයි බොටම් එකයි දාලා තිබ්බ කවර් එක අතට දීලා කැප් එක ඔලුවට දැම්මා....

මගේ හුස්ම නුඹයි Onde histórias criam vida. Descubra agora