13 කොටස

172 38 45
                                    


" හිතුවට වඩා මාරි කෑල්ල හොදයි නේද ඕයි..."

" දේවානයත් හොදයි බන්.... හැබැයි ඌ ටිකක් සීන් එකේ ඉන්නෙ.. තිසාන් අයියත් ඒ වගේ තමා... හැබැයි හොදයි.."

" අනේ අරූගෙ නම් ඇති හොදක් නෑ.. හෙන බේබද්දෙක්ද කොහෙද? දැක්කෙ නැද්ද ඇස් දෙක....ආ ඒක නෙමේ... අර උදේ කිව්වෙ කැලේ අස්සෙ ඉදන් දුවන් ආව එකෙක්මගෙ ඇගේ හැප්පුනා කියල"

" ඕ ඉතින්.."

" ඒ ඌ තමා..."

" කවුද? දේවාන්?"

" නැතුව...මට හොදටම මතකයි ඇස් දෙක. අනික උගෙ බෙල්ලෙ තිබ්බ මාලෙත් ඒ වගේමයි...අනික මේ මොනර පිහාටුව ඌ ගාව තිබිල වැටුනෙ අදත් උගෙ සාක්කුවේ ඒ වගේම එකක් තිබ්බ දැක්කා.."

" උඹට ඌ කිව්වද?"

" නෑ මන් හොයාගත්තා.. ඕක ඔයා ගන්න බැරි තරම් මන් මෝඩයෙක්ද?"

කතාවෙන් කතාව ඉස්සරහට ඇවිදගෙන එද්දි අපි දෙන්නා කකා හිටපු ටිපිටිප් එකත් ඉවර උණා. ඉස්සර ඉදන් මන් ආසම ටිපිටිප් එක. උස්වත්ත...කොළ පාට තරු තරු ටිපිටිප් එක. ඒවා දැන් හොයාගන්න නෑ. තියෙන්නෙම කොපි... මෙලෝ රහක් නෑ. ඒත් අද අහම්බෙන් වගෙ අපි දෙන්නට හම්බුනා. ඉතින් දෙකක් අරන් මග දිගට කකා ආවෙ. යසිරු අයියා කිව්ව මහරු අයියට මාත් එක්ක වෙද ගෙදර යන්න කියල. අයියා එනවා කිව්ව එක්කන් යන්න රැ වෙලා. එතකල් එහෙට වෙලා ඉන්න කිව්වා.ඒකත් හොදයි. නැත්තන් මට පාළුයිනෙ.

" මට තිසාන් අයියා number එක දුන්න.. මේ තියෙන්නෙ එයාගෙ card එක"

මහරු අයියා සාක්කුවෙන් කාඩ් එකක් අරන් මගෙ දිහාට දික් කලා. ඈ යකෝ මන් එහෙම එකක් දැක්කෙ නෑනෙ

" කෝ බලන්ට....."

Dream Safari
07__________8
Thisan Arjuna

" මේකා හෙන ඩීසන්ට් එකට වැඩේ කරන පොරක් වගේ නේ බන් අයියෙ"

" ඔව් බන්... කතාවෙන්ම තේරුණා මෙහෙ ඉන්න අනිත් එවුන් වගේ නෙමේ. සල්ලිත් තියෙනවවගේ.. තාත්තා business ලු කරන්නෙ. හොටෙල් එකකුත් තියේලු.."

" හම්මට... සල්ලි කාරයෙක් වගේ. එතකොට ඌ ඔය හයර් යන්නෙ?"

" ඒක උගෙ ආසාවලු...33ක් කිව්වා...තාම බැදල නෑ ඒත්....පවුලෙ ඉන්නෙ ඌ විතරයි කිව්වා. ආ මන් අර photo එකත් පෙන්නුවා. අවුලක් උන්නෑ. ඒ වෙලේ තමා උට මතක් උනේ එදා සීන් එක. මට photo එක fb දාන්න කියලත් කිව්වා"

ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ